ගායන රියැලිටිකරණය තුල ජනප්‍රිය සංස්කෘතික ලක්ෂණ හා එහි සමාජ බලපෑම...📺🎶



හිරු ස්ටාර් ගායන තරු වැඩසටහන මෑතකදී ඉලෙක්ට්‍රොනික මාධ්‍ය විසින් ඉදිරිපත් කරන ලද ජනප්‍රිය සංස්කෘතික අංගයක් විය. එක් රූපවාහිනි නාලිකාවක්  එය පටන් ගත් පසු  අනෙකුත් නාලිකා ගණනාවකටම එය පැතිර ගියේය. ශ්‍රී ලංකාවේ දකුණුකරේ නාගරික, අර්ධ නාගරික, ග්‍රාමිය ආදී ප්‍රදේශ  සියල්ලකින්ම පැමිණි තරුණ තරුණියෝ ස්වකීය නවක ගායන හැකියා ප්‍රකාශ කරන්නනටත්, උරගා බලන්නටත්  ඉදිරිපත් වූහ. බලාපොරොත්තු වූ අයුරින්ම ඒ වටා ජනප්‍රිය සංස්කෘතිය ගොඩ නැගුණි. 


  


මෙම රියැලිටි ආකෘතිය පදනම් කර ගනිමිින් තවත් බොහොමයක් රූපවාහිනිී නාලිකා Reality වැඩසටහන් සම්පාදනය කරන ලදී.

නිද; ➧ දෙරණ ඩ්‍රීම් ස්ටාර්

       ➧ රණවිරු  රියල් ස්ටාර්

       ➧ සිරස සුපර්  ස්ටාර්


🔴සජීවි රියැලිටිකරණය - හිරු ස්ටාර්

අනෙකුත් realitiy ගායන වැඩසටහන්වලට එහා ගිය වෙනස්ම වැඩසටහනක් හිරුස්ටාර්.මන්ද යත් එය පටිගත නොකරන ලද්දකි.සජිවීව තරගකරුවන්ට ගායනය කිරීමට අවස්ථාව ලබාදීමත් ප්‍රෙක්ෂකයාට තම vote එක සජිවීව බාවිතා කල හැකි එකම වේදිකාව වන්නේ හිරුස්ටාර් ය.

ඉන් අනතුරුව මෙහි අතුරු ශාඛාවක් ලෙස තරුණ පාර්ශවය පමණක් නොව කුඩා ළමුන් ඉලක්ක කර ගත් වැඩසටහන් ද නිර්මාණය විය.

නිද:➧ Derana Little Star

      ➧ Sirasa Junior Super star

වේදිකාව නව්‍යකරණය කිරීම හා ඩිජිටල්කරණය

මෙහි දී නවීන වේදිකා පසුතල නිර්මාණ භාවිතා කරමින් ඉතා ආකර්ෂණීය ආලෝකකරණ පද්ධතියක් හා විනිවිිද පෙනෙන වේදිකා මස්තකයක් යොදා ගෙන වේදිකාව නව්‍යකරණයට පත් කර ඇත. ස්ටීරියෝ තාක්ෂණය භාවිතය මඟින් ඩිජිටල්කරණය සිදු කර ඇත.

    ආලෝකකරණ පද්ධතිය  

➥Spot lights

➥ADJ Mega flat Hexpack stage lighting system

➥Lizy Beam stage Effect lights

➥Led light stage

ජයග්‍රාහකයින් තේරීම 

 මෙහිදී සාම්ප්‍රදායිකත්වයෙන් බැහැරව සුපිරි තරුව තෝරා පත් කර ගැනීම සඳහා  SMS  මනාප ක්‍රමය භාවිතා කරන ලදී. මෙයින් පසුව බොහොමයක් Reality වැඩසටහන් වලදී සුපිරි තරු තෝරා ගැනීම සඳහා SMS මනාප ක්‍රමය භාවිතා කරන ලදී. අවසන් මහා තරඟයේ දී ජයග්‍රහණය කරන සුපිරි තරුවට වැඩිපුරම SMS මනාප ලබා දෙන ප්‍රේක්ෂකයාට මුදල් ත්‍යාග පිරි නැමීම ද සිදු කෙරේ. එමෙන්ම 40%  SMS  මනාප මඟින් ද ඉතිරිය 60% විනිශ්ය මණ්ඩලය මඟින් ද තරඟකරු හට පිරි නැමේ.

මෙම ක්‍රමය වර්ධනයට පත් වීම මඟින් තරඟකරුවන් ඉදිරි වට වෙත යැවීමේ සම්පූර්ණ බලය ජනතාවට හිමි කර දී තිබේ. ඒ තාක්ෂණයේ දියුණුවත් සමගය.

■ මනාප ප්‍රකාශ කිරිමට App  හඳුන්වා දීම- Hiru Star App

බටහිරකරණය

➽ඇඳුම් පැලඳුම්

      ඇසට ආකර්ශණීය ඉතා විචිත්‍රවත් වස්ත්‍රාභරණවලින් සැරසී ගත් ගායන තරු දක්නට ලැබිණි. මූලික වටවල දී මෙන් නොව පසුව ඉදිරිපත් කරන එකිනෙක වටවලට අදාලව ඉදිරිපත් කරනු ලබන ගීතවලට උචිත ඇඳුම්වලින් සැරසීම දක්නට ලැබිණ.

 ⧬හින්දි ගීත ගායනා කරන විට සාරියෙන් සහ කුර්තා ඇඳුමින් සැරසීම.

⧬බටහිර පන්නයේ ගීත ගායනා කරන විට පිරිමි පාර්ශවය: කලිසම, කමිසය, තොප්පිය, බෝ එක, ඔප දැමූ          සපත්තු

⧬ කාන්තා පාර්ශවය; විවිධ වර්ණවලින් යුතු තනි පැහැ party frock (සුදුු කලු රතු) high heels

⧬​දේශීයත්වයට ගැලපෙන ඇඳුම් භාවිතය අවම වූ අතර බටහිරකරණයට ලක් වූ ඇඳුම් භාවිතය වැඩි වශයෙන් දක්නට ලැබේ.

➽හැසිරීම

 වේදිකාව මත ප්‍රාසංගික ඉදිරිපත් කිරීමේ දී ලැබෙන ප්‍රතිචාර හමුවේ ක්‍රියාත්මක වන ආකාරය, ඉන් පිටත දී පුහුණු වීම්වල දී ඔවුන් හැසිරෙන ආකාරයත් තුල ඉතා ප්‍රියමනාප පුද්ගලයන් ලෙසින් ප්‍රේක්ෂකයාට සමීප කරයි. (ඔවුන්ගේ පවුල් පසුබිම  සහ අන්‍යෝන්‍ය සබඳතා හමුවේ දක්වන ප්‍රතිචාර)  

➽භාෂාව

 ඉංග්‍රීසි සහ සිංහල මිශ්‍ර බස්වහරක් භාවිතා කිරීම බොහෝ දුරට දක්නට ලැබේ. කටවහරට හුරු සමීප බස්වහරට වඩා ඔවුන් විසින් ම නිර්මාණය කර ගත් ඉතා සංයමයකින් යුතුව ඉදිරිපත් කළ හැකි භාෂා රටාවන් භාවිතා කරයි.

➽කොණ්ඩා විලාසිතා

බටහිර පන්නයට අනුව සකස් කර ගත් කොණ්ඩා විලාසිතා දක්නට ලැබේ.

➸ හිස කෙස් ගෙල දක්වා දිගු කිරීම සහ හිසකෙස් වර්ණ ගැන්වීම 

              ශිහාන් මිහිරංග    -hair cuts පසු කාලීනව වෙනස් කිරීම

➸ සුරෙන්ද්‍ර පෙරේරා - රැවුල් විලාසිතා 

   මේවා ජනප්‍රිය අංග ලෙස සමකාලීන සමාජයේ තරුණයෝ  වැළඳ ගත්හ.

වැඩසටහන් විනිශ්චය මණ්ඩලය 

 වැඩසටහන් විිනිශ්චය මණ්ඩලය සඳහා ඉතා ප්‍රියමනාප හා ආකර්ෂණීය පෙනුමෙන් යුත් පුද්ගලයින් භාවිතා කිරිම ඉතා ජනප්‍රිය අංගයකි. ඔවුන්  අදාළ උපදෙස් දෙනු ලබන ආකාරය, තර්ක කරන ආකාරය, සිනාමුසු මුහුණ විලාසිතා හා වේශ නිරූපණය  තුළින් ජනතා ආකර්ෂණය වැඩසටහනට උපරිම ලෙස කටයුතු කරයි. බොහොමයක් රියැලිටි වැඩසටහන් වල විනිසුරු මණ්ඩලය සඳහා තෝරා ගන්නේ කවුරුන්ද යන්න තීරණය කරයි. එහි දී දේශපාලන චරිත, ජනප්‍රිය ගායකයින්, ක්‍රිකට් තරු යොදා ගැනීම වඩාත් ජනප්‍රිය අංගයක් ලෙස භාවිතා වේ. 

Day card, Class card, Hand Bill නිර්මාණය කිරීම.

සුපිරි තරු වල සේයා රූ අඩංගු කරමින් මේවා නිර්මාණය කරයි.  Logo එක ද භාවිතා කරයි.

ජනප්‍රියත්වයට පත්වන තරු, ටෙලි නාට්‍ය හා චිත්‍රපට සඳහා සම්බන්ධ කර ගැනීම

ඉතාමත් ආකර්ෂණීය පෙනුමින් යුතු ජනප්‍රිය තරු නිරූපණ ක්ෂේත්‍රයට, ටෙලි නාට්‍යයට හා චිත්‍රපටවලට යොදා ගැනීම දක්නට ලැබේ.

විශේෂයෙන්ම derana dream star ගායන තරගයෙන් කරලියට පැමිනි බොහෝ දෙනා වර්තමානයේ ,
දෙවෙනි ඉනිම
සංගීතේ
                 ටෙලිනාට්‍ය සුවිශේෂී වේ.

Coversongs  සංස්කෘතිය හඳුන්වා දීම

 Reality වැඩසටහන් සඳහා Coversongs  සංස්කෘතිය හඳුන්වා දෙන්නේ Sirasa Super Star හරහා ය.

නිල් නුවන් පෙම්බරයි - Sirasa Super Star
උඩවැඩියා මලේ        - Derana Dream Star

 Slogen භාවිතය

Reality වැඩසටහනේ සාරය මෙමඟින් නිරූපණය කරන අතර එය ද ජනප්‍රිය අංගයක් ලෙස අදටද භාවිතා වේ.

සජීවි රියැලිටි ටෙලිවිෂන්කරණ‍යේ හිරු tv නිර්වචනය  - hiru star

ශ්‍රී ලාංකේය නවක ගායන තරු අභිෂේකයේ මෞලි මංගල්‍ය  -        Sirasa Super Star 

යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර                   -        Derana Dream Star

මේ ආකාරයට ඉහත කරුණු ඇසුරින් ජනප්‍රිය සංස්කෘතිය   හා එහි සමාජ බලපෑම හඳුනා ගත හැකිය.


Post a Comment

4 Comments