විශ්වය තුළ නොපෙනෙන බලවේග අප්‍රමාණව පවතිනවා.බුදුන් වහන්සේ ගේ දේශනාවට අනුව සත්ව විෂය අචින්ත්‍යයි. මේ අචින්ත්‍ය වූ සත්ව විෂය තුළ ප්‍රේත,පිශාචාදී අමනුෂ්‍ය බලවේග අප්‍රමාණව සිටිනවා.සත්වයින් තම තමන්ගේ කර්ම ශක්තිය අනුව මනුෂ්‍ය, තිරිසන්,ප්‍රේත,අසුර, නිර,දිව්‍ය, බ්‍රහ්ම ආදී ලෝක වල උප්පත්තිය ලබනවා. මනුෂ්‍යයින් හා තිරිසන් සතුන් අපට දර්ශනය වුණත් ප්‍රේත, පිශාචාදී සත්වයින් අපේ ඇසට පෙනෙන්නේ නෑ. ඔවුන් තන්මාත්‍රමය සූක්ෂම ශරීර වලින් යුක්ත වන නිසා අපට දර්ශනය වෙන්නෙ නෑ.ජීවත්ව සිටියදී පුද්ගලයෙකු තුළ පවතින ප්රමුඛ ගති පැවතුම්, රුචි අරුචිකම් සංසාරිකව තමන් සමග බැඳී ගමන් කරනවා.පාලනය කරගැනීමට නොහැකි තරමේ කාමාශාවන් සහිත පුද්ගලයින් සමාජය තුළ මොන තරම් සිටිනවාද...හය හතර නොතේරෙන කුඩා දැරියන් පවා දුෂණය කරන කාමුක මිනිසුන් සමාජය තුළ ඉන්නවා.තමන්ගේ දියණියගෙන් ආශාවන් සංසිඳුවා ගන්නා පියවරු ඉන්නවා.එක ගැහැණියකගෙන් සැහීමකට පත් නොවී වෙනත් කාන්තාවන් කරා යන ස්වාමිපුරුෂයින් ඉන්නවා. කාමයට ලොල් වූ මේ විදියේ මිනිසුන් මරණින් මතු ප්‍රේත ලෝකයේ උප්පත්තිය ලබන්නේ කාමුක ප්‍රේතයින් ලෙසයි.මේ වගේ අමනුෂ්‍යයෝ කාන්තාවන්ට ප්‍රිය කරනවා. සමහරු කාන්තාවන්ව ස්පර්ශ කරනවා.කාන්තාවන් සමග සයනය කරනවා.කාන්තාවන්ගේ නොයෙක් අප ද්‍රව්‍ය කෙරෙහි ලොල් වූ අමනුෂ්‍යයොත් ඉන්නවා. මෙන්න මේ ආකාරයට කාන්තාවන් කෙරෙහි ලොල් වූ අමනුෂ්‍ය කොටස හඳුන්වන්න භාවිතා කරන පොදු නම තමයි " කළුකුමාරයා " කියන්නේ.
පුරාන රජ දවස රාජ්‍ය සේවයේ නියුතු අතිශූර යෝධයෙක් වාසය කළේය.ඔහුට මුහුද දෙබෑ කිරීමට පවා හැකියාව ඇත. මේ යෝදයා කාලයක පටන් ඉතා ආශාවෙන් සිටියේ රජුගේ අන්තඃපුරයේ සුරූපී බිසෝවරුන්ගේ රූපශ්‍රීයට ය. ඔහු සිහින දැක්කේය .සුන්දරම නාරි දේහය සිප ගන්නා ආකාරය පිළිබඳ චිත්ත රූප මවමින් බොහෝ කාලයක සිට යටි සිතේ තෙරපාගෙන සුරූපිනියන් ගැන සිහින දකින යෝධයාට මානසික වදයක් විය. අන්තපුර සුරූපිනියන්ගේ ඇසුර ලබා ගැනීමට ඔහුට හැකියාවක් නොතිබිණි. බිසෝවරු වාසය කරන්නා වූ මැදුරේ ආරක්ෂාවට නපුන්සක සෙබළුන්ගෙන් දැඩි රැකවල් යොදා තිබූ නිසා කිසිවෙකුටත් එයට ඇතුළු වීම අපහසු විය. නපුන්සක සෙබළු අන්තඃපුරය ආරක්ෂාවට යෙදවීම රජුගේ උපක්‍රමශීලී ක්රමයකි. කාමයෙන් දැවෙමින් සිටි සුරූපී බිසෝවරු ඇසුරු කරන්නට සෙබළු පෙළඹෙන්නේ නැත .ඒ බිසෝවරු අනියම් සම්බන්ධතා කෙරෙහි යොමු නොවන නිසාය . අන්තපුරය සියලුම ආරක්ෂකයන් වූයේ චංචල සිතුවිලි ඇති නමුදු සටනේ දී කෲර ලෙස සන්නද්ධ නපුංසකයෝ මියගියහ. අන්තපුරයට ඇතුළු වීමටත් ඔහු රාජ්‍ය සේවයේ නියුතු කෙනෙක් නිසා අන්තඃපුර භූමිය ආසන්නයට පැමිණීමට හැකිවිය .
සියලු නපුංසක සෙබළුන් පරාජය කිරීමට හැකි විය .සියලු රණශූර වික්‍රමයන් පාමින් ඔහුගේ සිහින ලෝකය වෙත පියඹා යාමට හැකිවීම නිසා දැඩි සතුටට පත්විය .ඔහු මිටෙන් හළ කුරුල්ලෙකු සේ බිසෝවරුන් සිටින මැදුර වෙත දිව ගියේය .නමුත් මේ අතිශූර යෝධයා නොදැන සිටි රහසක් තිබුණි. එනම් වසර ගණනාවකට පසුවයි රජුගේ ඇසුර එක් බිසවකට හිමි වන්නේ. ඒ නිසා සුරූපී රජු බිසෝවරු කාලය ගෙව්වේ නිරායාසයෙන් කාමයෙන් දැවෙමින් පිච්චේමිනි. මේ රණශූර යෝදයා පිළිබඳ සිත් පහළ කරගෙන කාලය ගත කළහ .සුරූපී බිසෝවරුන් පනස් දහසක් අන්තඃපුරයේ ප්‍රීතියෙන් යෝධයා දුටු බිසෝවරුන් රාගයෙන් මත් වී යෝධයා දෙසට උමතුවෙන් දිව ආහ . ඔහු මගේ කියා සියල්ලෝම පොරකන ලදී .ඔවුහු තමන් සතු කර ගන්නට ඛේදවාචකයක මහත ඔහුට සිදුවූයේ බිසෝවරුන්ගේ සිරුරුවලට තැලී පොඩි වීමටයි. යෝධයා තමන් සතු කරගැනීම අත් නොහැරියේය. බිසෝවරුන්ගේ සියුමැලි ශරීරවලින් තෙරපීම නිසා යෝදයා මරු තුරුලට ගියේය. සුරූපී බිසෝවරුන්ට ආශා කළ ද ඉටුකර ගැනීමට නොහැකි නිසා ඔහු වෛරයෙන් මිය ගියේය. ඔහු යක්ශ ආත්මයකඋපත ලැබුවේ ය. එදා ඉඳන් අද පාළු තැන් වැරදි යෝධයන්ට වින කරන කලුකුමාරයාගේ කතාව ආරම්භය සිදුවූයේ මෙසේ ය.
මේ ආශ්රයෙන් වර්තමානයේ නිර්මාණය වූ චිත්‍රපටයක් ලෙස "ඝරසරප" චිත්‍රපටය හැදින්විය හැකිය.
11 Comments
කලු කුමාරයා ළු කුමාරයා පිළිබඳව සහ කළු කුමාරයාගේ උත්පත්තිය පිළිබඳව විවිධ ජනප්‍රවාද විවිධ ප්‍රදේශවලට ආවේණික ව සහ විවිධ ග්රන්ථ වලට ආවේණික ව දක්නට ලැබෙන අතර මෙම ලිපිය ඉතාමත් වැදගත් ලිපියක් වශයෙන් සැලකිය හැකිය
ReplyDeleteBest article 👍❤️
ReplyDeleteBest article
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍
ReplyDeleteEla
ReplyDelete👍👍👍
ReplyDeleteGood 👌
ReplyDeletegood
ReplyDelete👍👍👍
ReplyDelete👍👍
ReplyDelete