නෙළුම් මල් නම් පන්සල් ගාව දකින්නට තිබුනට නෙළුම අලනම් එළවළු කඩවලත් දැකගන්න අමාරුයි. හැබැයි මේ නෙළුම් අලය කියන්නෙත් මහා වටිනා ඖෂධයකි . පුරාණයේ ඉඳන්ම ලංකාවේ ගැමියන් අතර නිතර ආහාරයට ගත්තු අල වර්ගයක් තමයි මේ නෙළුම් අල. දරුඵල අපේක්ෂාවෙන් ඉන්න අය පන්සල් ගිහින් නෙළුම් මල් පූජා කරල එනගමන් නෙළුම් අල අරගෙන ඇවිත් උයල කන්න පුළුවන්නම් වඩා හොඳ. ඒකට හේතුව තමයි දරුඵල නැති අයට ඒ දුවර්වලතා සුවපත් කිරීමේ විශාල හැකියාවක් නෙළුම් අලවලට තිබීම. රාවණා රජ සමයේදී පවා දරුඵල නැති අයට නෙළුම් අලවලින් ප්‍රතිකාර කල බව කියවේ.
ඒ විතරක් නෙවෙයි අර්ෂස් අමාරුව, හදවත් රෝග, දියවැඩියාව වගේ රෝග කිහිපයකටම මේ නෙළුම් අල ආහාරයට ගැනීම ගුණයි. බඩ වේලන මල බද්ධය ඇති අයට මල පහ කිරීම පහසු කිරීපමටත් පාචනය ඇති අයට මලපහ යෑම අඩු කිරීමටත් අපූරු හැකියාවක් නෙළුම් අලවල තිබේ . තරුණ කාන්තාවන්ට නිතරම නෙළුම් අල ව්‍යන්ජනයක් ආහාරයට ගන්න පුළුවන්නම් වඩා හොඳයි. ඒ කාන්තාවන්ගේ ආර්තව වේදනාව සමනය කිරීමට නෙලළුම් අලවලට පුළුවන්. දරුවන් ඉන්න අම්මලාට කිරි එරෙන්නටත් නෙළුම් අල ව්‍යන්ජනයක් සකස් කරදීම ඇතැම් ගම්මවල සිදු කරයි .
නෙළුම් අල කියන්නෙ ශරීරය සීතල කරන කෑමකි. ඒ නිසා ඌශ්ණාධික රෝගවලින් පෙලෙන අයටත් මේක ගුණ ආහාරයකි .නමුත් එහෙම කිව්වට සෙම් රෝගවලින් පෙළෙන අයට කිසිම අගුණයක් නැත. නිතරම කැස්ස හෙම්බිරිස්සාව හැදෙන දරුවන්ට වගේම ඇදුම වනි රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ටත් නෙළුම් අල පුදුම ඖෂධයකි . වියළි කාලවලදී පැතිරෙන ඇස් ආශ්රිත රෝගවලටත් ඖෂධයක් විදියට භාවිතා කරන්නට පුළුවන්. සමේ තෙතමනය රඳවාගැනීටමටත් හැකියාව ඇති අතර සමේ ඇති දිගුකාලීන ලෙඩවලට ගුණයි.
මුහුදු මාළුන්ගෙන් ලැබෙන ඔමේගා 3 සහ ඔමේගා 6 මේ නෙළුම් අලවලින් ශරීරයට ලැබේ. ඒ නිසා මාළු ආහාරයට ගන්න අකමැති නිර්මාන්ශ අයට ගොඩාක් වටින ආහාරයකි . ඒ වගේම බර අඩු කරගන්න ආස අයටත් මේක හොඳ කෑමක්. නෙළුම් අලවල කැලරි ප්‍රමානය අඩු නිසා බඩ පිරෙන්න කෑවත් ශරීරය ලැබෙන්නෙ අඩු කැලරි ප්‍රමාණයක්. හැබැයි විටමින් වර්ග, කැල්සියම්, පොස්සපරස් ඇතුළුව ශරීරයට අවශ්‍ය ලවණ වර්ගත් නෙළුම් අලවල අඩංගු වෙනව.
නෙළුම් අලවල ඇති තවත් හැකියාවක් තමයි ලේ පිරිසිඳු කිරීම. ලේ පිරිසිඳු කරල ලේවල ඝනත්වය ඇති කිරීමටත් හැකියාව තිබෙනවා. මෙහි තිබෙන ඔක්සිකාරක ගුණය නිසා පිළිකා සෛල විනාශ කිරීමටත් පුළුවන්කම ලැබෙනවා. මානසික ආතතිය අඩු කරන්නත් මේක හොඳ ඖෂධයක්. ඒ නිසාම තමයි මානසික රෝගවලට ඉසකුඩිච්චි දානකොට නෙළුම් අලත් ඒකට යොඅදාගන්නේ. දියවැඩියාවට හොඳයි කියන්නට හේතුව තමයි මේ මඟින් ශරීරයේ ස්රාවය වන ඉන්සියුලීන්වල ගුණාත්මකභාවය වැඩි කිරීමයි. මෙහි තිබෙන ක්ශුද්‍රජීවීන් විනාශ කිරිමේ හැකියාව නිසා වෛරස්, බැක්ටීරියා, දීලීර ආශ්‍රිතව ඇතිවන ඕනෑම රෝගයකට ගුණ ඖසෂධීය ආහාරයකි .
නෙළුම් අල ජපානය කොරියාව සහ බටහිර රටවල සුපිරි හෝටල්වල සුපිරි මට්ටමේ කෑමක් විදියට සලකන නිසා ඒ රටවල මිනිස්සුන්ට ඒ ගැන වටිනාකමක් තිබුනත්, ලන්කාවෙ ගම්වල සෑම වැවකම වාගේ දකින්නට ලැබෙන සුලභ වගේම මිල අඩු දෙයක් නිසා අපේ මිනිස්සුන්ට ඒ ගන වටිනාකමක් නහැ. නිසි දනුමක් නැතිකමත් ඒකට තවත් හේතුවක්. දැන් නෙළුම් අලවලටත් ඇති ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ක්ෘමිනාශක. කුඹුරුවලට ඉසින ක්ෘමිනාශක වර්ග ජලපහරවල් දිගේ ගලා බසින්නේ වැව්වලටයි. වැව්වලට එකතුවන මේ විශ වර්ග නිසාම වැව ආශ්‍රිතව ගොඩ නැගී තිබෙන ජෛව පධතියම විනාශ වීමෙ ප්‍රශ්නයක් තිබේ . සරලවම කිව්වොත් වැව්වලට විස එකතු වීම නිසා වැවේ මාළු වගේම වැවේ තිබෙන නෙළුම් වගේ ශාකවර්ගත් විනාශ වෙන්න පටන් අරගෙන තිබේ . තව කොච්චර කාලයක් නෙළුම් අල කන්නට තියේවිද කියන එක නම් සක සහිතයි. ඒ නිසා දැන් තියෙන වෙලාවෙ පුළුවන් තරම් ආහාරයට එකතු කරගන්න අමත කරන්න එපා.
13 Comments
Best
ReplyDelete👍
Delete🤗 වටිනවා
ReplyDelete👍
Deleteනියමයි
ReplyDelete👍
DeleteHodai. Wadagath karunu thiyenne.
ReplyDelete👍
Delete👍
ReplyDeleteGreat article
ReplyDeleteNiyamai
ReplyDelete👍 👍👍
ReplyDelete👍
Delete