සාක්ෂරතාවයෙන් යුතු සමාජයක් ගොඩනඟමු.
ජාත්‍යන්තර සාක්ෂරතා දිනය වෙනුවෙන් දැනුමට බිඳක්- සැප්තැම්බර් 8
ලෝක සාක්ෂරතා දිනය සෑම වසරකම සැප්තැම්බර් 8 වෙනිදාට යෙදී තිබේ.මෙවන් දිනයක් සම්මත කර ඇත්තේ ලොව පුරා පුද්ගලයන්ට , සමාජයට හෝ ජන කන්ඩායම්වලට සාක්ෂරතාවයෙ ඇති වැදගත්කම කෙරෙහි අවධානය යොමු කිරිම උදෙසාය.2020 වසරේ සාක්ෂරතා දින තේමාව වුයේ
" සාක්ෂරතාව සහ බහුබාෂිකත්වයයි."
ලිවීමට කියවිමට තිබෙන හැකියාව සාක්ෂරතාවය ලෙස නිර්වචනය කිරිමට පුලුවන.නමුත් පවතින සංවර්ධන ක්‍රියාදාමයන් සමගින් දැන් එය පුලුල් ලෙසින් හදුනාගෙන තිබෙනවා.යුනෙස්කෝ සංවිධානය මගින් සාක්ෂරතාවය ලෙස අර්ථ ගන්වනු ලබන්නෙ මුද්‍රිත විවිධ විශයන් අඩංගු පොතක් හෝ යම් දෙයක් හදුනාගැනීම්,එය අවබෝධ කර ගැනීම , තව කෙනෙකුට එය පැහැදිලි කර දීම,ඒ තුලින් සන්නිවේදනය කිරිමට ඇති හැකියාවය.සාමාන්‍යයෙන් වර්තමානයේ ප්‍රායෝගික සාක්ෂරතාවය තුල පරිගනක සාක්ෂරතාවයට විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.එසේම විවිධ ජාතීන් යුත් කණ්ඩායම් තුල සන්නිවේදනය කිරිමට කෙනෙකු තුල තිබෙන හැකියාව අගය කරනවා.ගෝලිකරණය නිසා ඉංග්‍රීසි බාවිතය වැඩි විමත් සමග සාමාන්‍යය ලෙසකින් හෝ බාවිත කිරිමේ හැකියාව අවශ්‍ය වී තිබෙනවා.
ඒ අනුව ලෝකයේ ඕනෑම රටක විවිධ බාෂා කතා කරන ජන කොටස් සිටින අතර ලංකාවේ මවුබස එක් බාශාවකි.නමුත් වෙනත් බාෂා කතා කරන අයගේ බාෂා පිලිබද හැගිමක් තිබිය යුතු අතර ඒ පිලිබද තෘප්තියක් තිබිය යුතුය.ඒ බාෂා ගැන දැනුවත්කම,සන්නිවේදන හැකියාව අප තුලත් තිබිය යුතුය.අපේ අද්ද්‍යාපන ක්‍රේෂය තුල උදාහරණයක් විදියට සිංහල ලමයි ගතහොත් ඔවුන් දෙමළ ඉගෙන ගන්නවා.මේ නිසා මෙම වසරේ සාක්ෂරතා තේමාව ඉතා සුපොශිත කරුනකි.
යම් පුද්ගලයකුගේ,සමාජයක,රටක සංවර්ධනයට මූලික වන කරුනක් ලෙස සාක්ෂරතාවය විග්‍රහ කල හැක.මේ අනුව ප්‍රාදේශීය වශයෙන් හෝ සාක්ෂරතාවය අඩු අය සිටිනවානම් එය රටේ සංවර්ධනයට බලපෑමක් වෙනවා.ගිය වසරෙදී අපේ රටේ වැඩිහිටියන්ගේ සාක්ෂරතා මට්ටම 92.5% කි.දකුණු ආසියාවේ අප ඉහල මට්ටමක සිටිනවා.නමුත් වෙනත් දනාත්මක වෙනස්කම් වලට ලක් කල යුතුය.
සාක්ෂරතාවය ගැන සලකා බැලුව විට මුලික වෙන්නෙ කියවිම,කියවිමේ හැකියාවයි.නමුත් ලංකාවේ දරුවන් තුල කුමනාකාරයකින් පවතිනවාදැයි යන්න මැන බැලිමට මෙවලමක් නැත.එවැනි වැඩ්අ පිලිවලක් ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන්නේද නැත.සාක්ෂරතා සංවර්ධනයට මූලික වෙන්නේ පාසලයි.ද්විතීයික පන්ති මගින් එය සිදුවන්නෙ නෑ.එය පර්‍යෙෂණ වලින් සොයා ගත් දෙයකි.උදාහරණයක් ගත් විට 2013 සා.පෙළ විභාගය සදහා දෙලක්ෂයකගේ ප්‍රතිඵල ලෙස අවධානය යොමු කල හොත් සිංහල බාශාව අසමත් වෙලා තියනවා.ඒ කියන්නේ 28000ක් සිංහල බාශාව අසමත් වෙලා තියනවා.මෙහිදී සා.පෙළ විභාගය අසමත් වුනා යැයි කිව නොහැකි අතර ඔවුන් විමර්ශනය කල විට පෙනී යන්නේ මෙම දුර්වලතාව ප්‍රාථමික පන්ති වල සිට පැවතුන දෙයක් බවයි.සාක්ෂරතාවය කුඩා කල පටන් සංවර්ධනය කල යුතු දෙයක් බව පැහැදිලි වන කරුනකි.
විශේෂයෙන්ම ලංකාව තුල කියවිමේ පුරුද්ද ප්‍රාථමික පන්ති වලදීම පටන් ගත යුතු දෙයකි.අද ප්‍රබලතම ප්‍රශ්නය තමයි කියවිමේ පුරුද්ද දරුවන් තුල නොමැති වීම.අඩුම තරමින් කියවිමේ පුරුද්ද කියවිමට හැකියාව ඇති පුද්ගලයන්ට පවා පුරුද්ද ඇති වෙලා නෑ.විභාගයට අවශ්‍ය පොත් පත් තාවකාලිකව කියවන බවක් දක්නට ලැබේ.එදිනෙදා පුවත්පත් කියවන්නේ නෑ.පුස්තකාලයට යන්නේ නෑ.පොත් අරන් කියවන්න යොමු වෙලා නෑ.අඩුම තරමින් ඩිජිටල් කියවිමටවත් පුරුදු විම වැදගත් කරුනකි.
රටේ ජනගහනයෙන් අවම වශයෙන් මිලියන 12 ක තරුණ තරුනියන් හා වැඩිහිටියන් පිරිසකට තවමත් කියවිමට සහ ලිවිමට නොහැකි බව අද්ද්‍යාපන අමාත්‍ය ජේ.එල්.පීරිස් පවසා ඇත.නිවේදනයක් නිකුත් කරමින් අද්ද්‍යාපන අමාත්‍යවරයා පවසා ඇත්තේ සාක්ෂරතාවය ඉහල නැංවීම සදහා ක්‍රියාත්මක කල යුතු වයාපෘති පුලුල් කල යුතු බවයි.පාසල් දත්ත විශ්ලේෂණ හා යුනිසෙෆ් ආයතනයේ නිල වෙබ් අඩවිය මගින් පෙන්වා දෙන පරිදි 2017 වසරේ සාක්ෂරතාවය 91.9% කි.නමුත් 2018 වසර වන විට 91.7% සාක්ෂරතාවය අඩු වී ඇත.100% ක් සාක්ෂරතාවය ලගා කර ගැනීම සදහා ජාතික අද්ද්‍යාපන ක්‍රමය තුලින් තිරසාර වියදම් ලබා දිය යුතුය.
ඒ අනුව සැප්තැම්බර් මාසය සාහිත්‍ය නගාලිම සදහා රජය තිරණය කලහ.ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රර්ශනය එම තිරණයේ ප්‍රතිඵලයකි.1999 වසරෙදී කුටි 38 කින් ජාතික කලායතනයේ පටන් ගත් අතර 2020 වසරේ සැප්තැම්බර් මස එනම් එලබෙන සතියේ සැප්තැම්බර් 18- 27 දක්වා BMICH හි පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය.
මේ ආකාරයට සාක්ෂරතාවය සංවර්ධනය කිරිම ලංකාවේ පමණක් නොව ඩුබායි 2020-09-08 දින ජාත්‍යන්තර සාක්ෂරතා දිනය වෙනුවෙන් එක්ස්පෝ 2020 ඩුබායි (Expo 2020 dubai) විසින් සාම්ප්‍රදායික ළමා කතා සහ ජන කතා එකතුවක් වන ලොව වටා ළමා කතා එළි දක්වන ලදී.මෙහි ලොව පුරා නිදර්ශක හා සජීවිකරන ශිල්පීන් සමග තරුන කලාකරුවන් විසින් ඒවා ජිවයට ගෙන ඒමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇත.
මේ ආකාරයට යතෝක්ත කරුනු වලින් පැහැදිලි වන්නේ ලංකාවේ පමනක් නොව ජාත්‍යන්තරයේදී සාක්ෂරතා දිනය බෙහෙවින් වැදගත් කොට සලකන බවයි.යුනිසෙෆ් ආයතනය සිහිපත් කරන්නේ ගෝලීය වශයෙන් ජාත්‍යන්තර ජන සමාජය සාක්ෂරතා මට්ටමින් ඉහල දැමීම හා වැඩිහිටි අද්ද්‍යාපනය උදෙසා ක්‍රියාත්මක විය යුතු බවයි.
9 Comments
Super 😍😍
ReplyDelete👍
ReplyDeleteThank you
Deleteනියමයි
ReplyDeleteThank you
DeleteThank you
ReplyDelete👍👍
ReplyDeleteGreat work
ReplyDeleteGreat👍
ReplyDelete