කොරෝනා භීතියට එහා ගිය මාධ්‍ය හැසිරීම...


 


2020 වර්ෂයේ ගෙවුණු මාර්තු අප්‍රේල් මැයි ආදී තෙමසකට වැඩි කාල සීමාවක් තුළ මුළු ලෝකයම භීතියට ලක් ව අවධානය යොමු වුණු ප්‍රධානතම මාතෘකාව වූයේ කොරෝනා වසංගතය පැතිර යාම සම්බන්දයෙනි.ක්‍රමිකව  කොරෝනා වසංගතය මෙරට සමාජය තුළින් යම් තාක් දුරකට පහව යද්දී ජනතාව විසින් පුරුදු පුහුණු වූ සෞඛ්‍යාරක්ෂිත පුරුදු ද ක්‍රමයෙන් අඩු විය.

              නමුත් පසුගිය දා අසන්නට ලැබුණු විශේෂ  පුවතක් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් එම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද බොහෝ දෙනෙකු දෙනෙකු ට යළි මතක් වූයේ කෝවිඩ් දෙවෙනි රැල්ලක් මතු වී වීමත් සමගය.


මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් :


"ගම්පහ දිස්ත්රික්කයේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වෙලා"


රජයේ සහ සමාජයේ ක්‍රියා පටිපාටියේ කොතනක හෝ තිබූ දුර්වලතාවයක් නිසා රෝගය ඉක්මනින් ව්‍යාප්ත වී ඇත .මේ පිළිබඳ අවධානය යොමු කිරීමේදී කළ යුතු සුදුසුම ක්රියාමාර්ගය වන්නේ ආසාදිත ස්ථර පිළිබඳ සියලු විස්තර සොයා බලා ඒ පිළිබඳ  අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමත්ය.මෙහි මූලිකම ගැටලුව වන්නේ ඇයට වෛරසය ආසාදිත වූ ආකාරය හඳුනා ගැනීමට නොහැකි වීමත්ය. නමුත් ඊට අමතරව සමාජය තුළ ගැටලුවක් වී ඇත්තේ සමාජය තුළ නිදැල්ලේ හැසිරෙන වාහකයෝ සොයා ගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට උදව් නොකිරීමට කිරීමට අපොහොසත් වීමය.

                                      වාහකයා කාන්තාවක් වීම හේතුකොටගෙන ගෙන ඇයගේ රැකියාවට පවා අපහාස කරමින් මාධ්‍ය අනාවරණය කරයි.පුද්ගලික තොරතුරු උණු උණුවේ මාධ්‍ය මඟින් ඒ ආකාරයටම විකිණීම නිසා රෝගය බෝවීමේ අවදානම  පහව යන්නේ නැත.මේ ආකාරයට වෛරසය ආසාදිත කාන්තාවගේ ශරීර අංග, විස්තර ඇයගේ චරිතය, ඇයට සිටි පෙම්වතුන් ගණන, නිවසේ ඉඩමේ වටා ප්‍රමාණය ආදී දේ රසට ප්‍රසිද්ධ කිරීමෙන් ප්‍රයෝජනයක් නැත. ඇතැම් මාධ්‍ය සෙට් එක කැමරා කෑලිත් ඔසවා ගෙන ඔවුන් සේවය කළ ආයතනයේ වටේට වට වී කවුරුන් හෝ කෙනෙකු අවුස්සා කුණු රස වීඩියෝ කර ගෙන ඒ ආයතනයට විරුද්ධව විරෝධතා නිර්මාණය කරයි.ඒ තුළින් මිනිසුන් තුළ වැරදි දැක්මක් සැදීමට කටයුතු කරනු ලබයි.

                       රෝගයේ ලක්ෂණ සහ ආරක්ෂිත වැඩපිළිවෙළවල් පිළිබඳ මාධ්‍ය තුළ තිබෙන්නේ කුමන තත්ත්වයක් ද මාධ්‍ය වල මේ හැසිරීම නිසා ඒ ඒ ආයතනයන්ට  බැනීමත් සුපර්මාර්කට් වල හිස් වෙනකන් බඩු මුට්මුට්ටු එකතු කිරීමත් වෙනදාට වඩා සමාජයෙන් පිටත මිනිසුන් එක් රොක් වී සිටීමත් පෙන්වීම ආදෝලානාත්මක තත්වයකි.


❎එෆ්එම් දෙරණ අනුපම මෝනින් ෂෝ එක...


කොල්ලා - "ඇගලුම් කර්මාන්ත සේවිකාවන් ඉස්සරත් දැනුත් බයෙන් සිටින්නේ කුමක් සම්බන්ධයෙන් ද?


කෙල්ල-" පොසිටිවු වීම "



❎අයි ටී එන් නාලිකාව මගින්...


දිවුලපිටියේ අම්මගේයි දුවගෙයි කොරෝනාව නිසා 2000 කට PCR - 72කට දැනටම කොරෝනා..


මෙවන් ජඩ මාධ්‍ය ගැන කවර කතා ද?

නමුත් මේක ද මාධ්‍ය මගින් විය යුත්තේ .....


නැත.එසේ සිදු විය නැත.

ජංගම දුරකථනයට දිනපතා කොරෝනා රෝගය ගැන දැනුවත් කිරීම් උපදෙස්  දීම ලැබෙන්නට ඇත.නමුත් කිසිම විටෙක වැළඳෙන රෝගීන් ගණන මිස ඒ ඒ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ආදිය මාධ්‍යවලින් වලින් සමාජයට මුදා හැරියේ නැත.

     සිංගප්පූරුවේ ද සේවය කළ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුට කොරෝනා වැළදුන බව ප්‍රසිද්ධ කලත් වෙනත් කිසිම විස්තරයක් ඔවුන් ප්‍රසිද්ධ නොකෙළේය.ඊට හේතුව වූයේ රෝගය සුව වීමෙන් පසු එම මිනිසුන් කලින් ජීවත් වූවා සේම සමාජය තුළ ගෞරවයෙන් නිදහස් නිදහසේ ජීවත්වීමට අවශ්‍ය නිසාය.

         එය නොවේද මාධ්‍ය නිදහස....

ශ්‍රී ලංකාව වැනි පුංචි රටක මෙවැනි භයානක ඇසට නොපෙනෙන වෛරසය නිසා රෝගී වූවන් ගේ මානසික ස්ථාවරත්වය, අවදානම් කලාප ජනතාවගේ මානසික ඒකාග්‍රතාවය වෙනුවෙන් ,අන් අයගේ ආරක්ෂාව පිළිබඳ කතාකරන්නට ඔවුන්ට ශක්තියක් වන වැඩසටහන්, දේශණ ,ලිපි මාධ්‍ය මගින් දක්නට නොමැත.නමුත් සමහර පුද්ගලයන් ආයතනයේ ගාමට් ගෑනු ළමයින්ට චරිත සහතික දීමත් ඒ ආයතනයට නැවත නැගී සිටීමට නොහැකි වන ආකාරයට මඩ ගැසීමක් තක්කෙටම සිදුවන ආකාරය දැකීමට පුළුවන.

           එය කොරෝනා සොයාගත් වුහාන් වලටත් වඩා අපේ මිනිස්සු නොදබැන සිටි තරම්ය.


කොරෝනා මේන් පොයින්ට් කරගත්තද මාධ්‍ය හැසිරීම පිළිබඳ ඒ ගැන පමණක් නොව කතා කළ යුතු කරුණු රැසක් පවතී .


❌නිර්මාණශීලී නව නිර්මාණ බිහි කළ ද අගය කළ යුතු දේ කළත් ඒ දේවල් ප්‍රසිද්ධ කිරීමට මාධ්‍ය වැඩි ඉඩක් වෙන් කරන්නේ නැත. ඒ වුණත් අපරාධ වුණු ආකාරය සවිස්තරාත්මකව ව මිනිසුන් දැනුවත් කිරීම සිදුවේ.


❌ගැහැණු ළමයෙක් දූෂණය කරලා මැරුවා ම මැරිච්ච දරුවාගේ හත්මුතු පරම්පරාවම ලෝකෙටම පෙන්වයි .නමුත් නරක මිනිසා ගේ මුහුණ කොටු දාලා පෙන්නනවා.එය තම  ආදායම වැඩි කරගන්න  ගත් උපක්‍රමයක් ලෙස සලකන්න පුළුවන්.


❌ගණිකා නිවාසයක් ඇල්ලූ විට එහි සිටිය කාන්තාවන් පොලිස් ජිප් එකට නගිනආකාරය මෙය පැහැදිලිව පෙන්වයි. නමුත් සේවය ලබා ගන්නට ගිය පිහිටි පිරිමින්ගේ විස්තර සැඟවීම සිදුකරයි.


❌ දේශපාලකයෙකු සමග සාකච්ඡාවක් කරත් ඔවුන්ගේ සේවය ගැන ඇසීම වෙනුවට කසාද ජීවිතය පිළිබඳ නඩු පිළිබඳ පුද්ගලික කුණු ඇවිස්සීම සිදුකරයි. ඒ නිසා දේශපාලකයන් රටට වැඩ කරනවා වෙනුවට ඔවුන්ගේ වැරදි වසා ගැනීමට උත්සාහ කරයි.

                                         කුඩු බීපු මිනිහා වගේම කුඩු විකුණන කෙනාගේ කෙනාගෙ විස්තර ප්‍රසිද්ධ කිරීමත් ,ගණිකාවන්ගේ විස්තර මෙන්ම එම සේවය ගැනීමට හා මිනිසුන්ගේ විස්තරත් ප්‍රසිද්ධ කිරීමත්, දූෂණයට ලක් වුණු පුද්ගලයා වැසිමත් දූෂණය කරපු කෙනාව ප්‍රසිද්ධ කරල අපරාධ කරපු ආකාරය විස්තර කිරීම වෙනුවට ලබාදෙන දඬුවම් වල භයානකකම මාධ්‍යවේදීන් ප්‍රසිද්ධ කිරීමට පටන් ගත හොත් ලංකාව මීට වඩා ධනාත්මක සමාජ වෙනසක් වීම නොඅනුමානය.

                 මිනිස්සුන්ට සමාජයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට විශ්වාසදායක තොරතුරු තීරණාත්මක වන්නේ මන්දැයි ජනමාධ්‍ය කලාව මේ මොහොතේ පෙන්විය යුතුයි. සත්‍යයේ හොඳම පුනරූපණය අත්මිදීම පිණිස සෑම කෙනෙකුටම අවස්ථාව ලබා දෙන ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වයක් මෙම යුගයේ අවශ්‍යතාවය බවට පත්ව තිබේ. ඒ අවශ්‍යතාවය වටහා නොගෙන කටයුතු කිරීමෙන් සිදුවන්නේ අදහස්, හැගීම්, විකෘත කරුණු, පටු මාන හා කට කත සමග මුසු වී වැරදි තොරතුරු සමාජ ගත කරන සෞඛ්‍ය ගැටලු සම්බන්ධ කලබල සහ කැළඹීම් හා මහජන උද්වේගය ඇති කරන ඩිජිටල් වයිරසයක් වන්නට ඉඩ ඇති බවය .


🔴මාධ්‍ය අලෙවිකරණය වෙනුවට මාධ්‍ය සේවයක් බවට පත්කරවීම පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් සහ වගකිවයුතු නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතුම කාලයකි මේ...

Shavi...✍️

Post a Comment

24 Comments

  1. ගොඩක් අය හැන්ගෙන්නෙත් බොරු එඩ්‍රස් දෙන්නෙත් වෙන මොකටවත් නෙවෙයි කැමරා කෑලි එල්ලන් ඒ මිනිස්සුන්ගෙ ගෙවල් වලට ඇවිල්ලා ඔවුන්ව සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගෙ පවුද්ගලිකත්වය හානි කර ඔවුන්ව සමාජයේ දැඩි අසරණ තත්වෙකට ඇදදානවා ඒ දෙයිම් , ලංකාවෙ මීඩියා වලට පුලුවන් බොරුවක් උනත් ඇත්තක් කරල පෙන්නන... පසු ගිය දවස් වල . මනුස්සයෙක් සුරාසැලකින් මධුවිත බෝතලයක් අරන් යාමේදී දෙරනින් ඔහුව කැමරා කාචයට අසුකර ඔහුට විහිළු කරා... ඒවත් නිව්ස් වල පෙන්නුවා... දුප්පත් මනුස්සයෙක් මාස්ක් එකක් අමතක වී හෝ නොදා මාර්ගයේ ගමන් කරොත් හිරුයි දෙරණයි ඔක්කොම එතන පසු ගිය දවස් වල මහමැතිවරණයදි කොච්චර නම් මන්ත්‍රීල ඇමතිලා මාස් නැතුව ගියාද වැඩක් නෑ.. කවුරු කෝම හිටියත් අපිට වැඩක් නෑ අපි අපිට ගෙදර අයට ආදරෙ කරනවනේ ඔවුන් ගැන හිතල අපි ආරක්ෂා වෙන්න ඕනෙ කොරෝනා මාරාන්තිකයි

    ReplyDelete