මුද්‍රිත මාධ්‍ය සදහා භාෂාව භාවිතය
මුද්‍රිත මාධ්‍ය යනුවෙන් හදුන්වන්නේ පුවත්පත්, පොත්පත්, සගරා ආදියයි. ඒවායේ ඇතුලත් වන්නේ අක්ෂර ආශ්‍රයෙන් පනිවුඩයි. ලිඛිත දැයි. පුවත්පත්, සගරා හා පොත්පත්වලට අවේනික වු භාෂා ලක්ෂණ පවතියි. විශේෂයෙන් ව්‍යාකරනනුකුල රීතියක් යොදා ගැනෙයි. මේවායෙයි අපුර්වත්වය වන්නේ පුවත්පතක් හෝ ප්‍රකාශනයක් කාලයක් ගතවීමෙන් පසුව වුවද වරින් වර කියවීමට හැකි බවයි. මුද්‍රිත මධ්‍යයේදී භාෂාව භාවිත කරන්නේ පොදු මහජනතාවට සරලව තේරුම්ගත හැකි ලෙසයි.
පුවත්පත් මාධ්‍යයේදී එක් එක් කණ්ඩායම් සදහා භාෂාව භාවිතා කරන අතර ඒ ඒ කණ්ඩායම්වලට උචිත ලෙස භාෂාව යොදාගනියි.
උදා:තරුණයා පුවත්පතෙහි භාෂාව නවලිය පුවත්පත සදහා යොදා නොගනියි. ලංකාදීප පුවත්පතෙහි භාෂාව එහි ටබ්ලොයිට් අතිරේකය වන රසදුන සදහා යොදා යොදා නොගනියි. එමෙන්ම පුවත්පතක පිටු සංඛ්‍යාව සිමා සහිත බැවින් භාෂාව ඉතා සංක්ෂිප්තව කරුණ ඍජු ලෙස ඉදිරිපත් කෙරෙන ආකාරයෙන් භාවිත කළ යුතුය. එහෙත් නවකතාවට එවැනි සීමා නැත.
ගුවන්විදුලි මාධ්‍ය සදහා භාෂාව භාවිතය
පළමුවෙන්ම වටහාගත යුත්තේ ගුවන්විදුලිය යනු ශ්‍රව්‍ය මාධ්‍යක් බවයි. එබැවින් ගුවන්විදුලියේ භාෂාව ග්‍රහණය කර ගැනීමට සිදුවන්නේ ශ්‍රවනය කිරීමෙන් පසුවය.
ගුවන්විදුලි ග්‍රාහකයන් තමන් අසන දේ සිතෙහි මවා ගනියි. මෙය හදුන්වන්නේ පරිකල්පනය ලෙසයි. පරිකල්පනය යනු ඉන්ද්‍රිය ගෝචර වන සාමාන්‍ය ලෝකය විචිත්‍රත්වයට පත්කිරීමේ හැකියාවයි.ගුවන්විදුලිය අසන්නන් විවිධ බුද්ධි මට්ටම්වල සිටින නිසා සරල භාෂාවක් භාවිත කල යුතුය. එමෙන්ම ගුවන්විදුලිය සදහා ලිවීමේදී කෙටි වාක්‍ය භාවිත කල යුතුය. අනවශ්‍ය පරිදි සංඛ්‍යා දත්ත ඉදිරිපත් නොකල යුතුය.ගුවන්විදුලි ශිල්පින් තුල මනා හඩ පෞරුෂයක් සහ ආකර්ශනීය කතා විලාසයක් තිබිය යුතුය. ගුවන්විදුලි මධ්‍යයේදී ලේඛණය සහිතව හෝ ලේඛණය රහිතව කථනය සිදුවෙයි.
එබැවින් ලේඛණය තිබුනත් නැතත් කථනය සරල විය යුතුය. ගුවන්විදුලි වැඩසටහන්වල ස්වභාවය අනුව භාෂාව යොදාගැනීමද වෙනස් වේ.
උදාහරණ: පුවත්පත්වලදී භාවිතාකරන භාෂාව ගුවන්විදුලි නාට්‍යකදී හෝ විශේෂාන්ගයකදී භාවිතා නොකරයි.
රුපවාහිනී මාධ්‍ය සදහා ලේඛණය, භාෂණය හා කථනය භාවිතය
පළමුවෙන්ම වටහාගත යුත්තේ රූපවාහිනිය යනු ඇසෙන හා පෙනෙන නැතහොත් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යක් බවයි. රූපවාහිනියේ අදහස් ගොඩනැගෙන්නේ දෘශ්‍ය මාධ්‍ය සමග භාෂාව එක්වීමෙනි. භාෂාව ඉදිරිපත්කරන නැතහොත් කථනයේ යෙදෙන මාධ්‍ය ශිල්පියාද රූපවාහිනී මාධ්‍යයේදී දෘශ්‍යමය වශයෙන් පෙනී සිටියි.
රූපවාහිනී මාධ්‍ය ශිල්පියාගේ සියලු ඉරියව් නරබන්නන් දකින බැවින් ඔහුගේ රූපය තුලද ඉරියව්ව තුලද විශ්වසනීයත්වයක් ගොඩනැගිය යුතුය. රූපය සහ භාෂාව යන දෙකම මෙම මධ්‍යයේදී එකලෙස ප්‍රබලව පැවතිය යුතුය.
රූපවාහිනියේ විවිධ වැඩසටහන් සදහා ලේඛණය හා භාෂණය විවිධ විදිහට යොදාගත හැකිය. එමෙන්ම රූපවාහිනී පිටපත් රචනය නිර්මාණශීලි ලේඛනයකි. රූපවාහිනී වැඩසටහන්වල ස්වභාවය අනුව භාෂාව විවිධ ලෙස යොදාගනියි.
9 Comments
Best
ReplyDeleteGreat one ❤️🥂
ReplyDelete👍👍
ReplyDelete👍👍👍👍
ReplyDeleteGood 👌
ReplyDelete❤️❤️❤️
ReplyDeleteGreat
ReplyDeleteGood
ReplyDeleteWedagath lipiyak
ReplyDelete