නිම් වළලු නොපෙනෙනා ගුවන සිසාරා පියඹා

                යන සියතුන් 

 පවසාවි නිදහසේ සැහැල්ලුව


 ඈත දියඹේ දඟකාරකම් කරමින් පිනා යන 

                 මත්ස්‍යයින් 

  පවසාවි නිදහසේ අපූර්වත්වය


 සීත කඳු ශිඛරය මත හුදෙකලාවූ 

                 තුරු පන්ති 

 පවසාවි නිදහසේ චමත්කාරය


 අලුයම් දිවාකර රශ්මියට විකසිත වූ 

                 රත් පියුම් 

 පවසාවි නිදහසේ සුන්දරත්වය 


මද පවනේ පහස විඳ දැල්වෙනා 

                  පහන් ටැඹ 

පවසාවි නිදහසේ ආලෝකය


 ජය ඝෝෂා මැද ඉහළ නැගි 

                  පතාකයන් 

පවසාවි නිදහසේ අභිමානය