ඕනෑම කරු­ණක් අර­භයා ඉති­හා­ස­ගත සිදු­වී­මක් බද්ධ වන්නා­ සේම කාන්තා දිනය උදෙසා ද එවැ­නිම වූ ඉති­හාස කතා­වක් එක්කාසු වී තිබේ. ජාති ආගම් භේද­යක් නැ­තිව සිය­ල්ලෝම එකා­වන්ව සම­රන කාන්තා දිනයේ ඉති­හා­සය සෙවී­මට නම් අපි අනි­වා­ර්යයෙන්ම ලංකා­වෙන් එපිට සැත­පුම් දහස් ගණ­නක් පිය­මන් කළ යුතු ය. 

මෙහි උත්පත්ති කතා­න්ද­රය ආරම්භ වන්නේ විසි වන සිය­වසේ සිදු වූ යුරෝපා හා ඇම­රි­කානු කම්කරු ව්‍යාපාරවල මූලි­ක­ත්ව­යෙනි. කාන්තා දිනය නම් කිරීමේ වැද­ගත්ම දශ­කය ලෙසින් හැඳි­න්විය හැක්කේ හත­ළිහේ දශ­ක­යයි. ඉල­ක්කම් වලින් වසර කියන්නේ නම් ඒ 1945 වර්ෂ­යයි.

පුරු­ෂ­යන් හා සමා­නව කාන්තා­ව­ට ද සියලු අයි­ති­වා­සි­කම්, සමා­න­ත්වය ලැබිය යුතු­යැයි යන එක්සත් ජාතීන්ගේ ප්‍රඥ­ප්තිය අත්සන් කරන ලද්දේ ද  මේ වසර‍ෙදීය. 

එහෙත් 1945 වස­රේදී එක්සත් ජාතීන්ගේ ප්‍රඥ­ප්තිය අස්සන් කරනු ලැබු­වද මේ හා සම්බන්ධ ඉති­හාස ක්‍රියා­දා­ම­යන් සිය­වසේ මුල් දශ­කය දක්වාම ඇදී යයි. එනම් මුල්ම කාන්තා දිනය  පැව­තියේ යැයි සැල­කෙන්නේ පෙබ­ර­වාරි 28 වනදා ඇම­රිකා එක්සත් ජන­ප­දයේ දී 1909 වසරේ දීය.

මුල්ම කාන්තා දිනය එසේ පැවැ­ත්වී­මට නිමිත්ත වූයේ 1908 වසරේ ඇඟු­ලුම් කම්හල් සේවි­කා­වන් පිරි­සක් තම ආය­ත­නය විසින් පන­වනු ලැබූ නීති රෙගු­ලාසි හා ඔවුන්ගේ කොන්දේසි වලට එරෙ­හිව වර්ජ­න­යක නියැළී­මයි. එසේ එකී කාන්තා­වන්ගේ අභීත ශක්තිය සිහි ගැන්වීම පිණිස එවන් දින­යක් ක්‍රියා­ත්මක කරන ලදී.



මෙසේ පැවැත්වූ මුල්ම කාන්තා දිනය ඔවුන් විසින් නම් කරනු ලැබ තිබුණේ අන්තර්ජාතික වැඩ කරන කාන්තා­වන්ගේ දිනය ලෙසිනි. එහි පළමු කාන්තා දිනය පැවැ­ත්වී­මෙන් පසු දෙවැන්න පැවැ­ත්වූයේ 1910 වස­රේදී කෝප­න්හේ­ගන්  හිදීය.

මෙහි විශේ­ෂ­ත්වය වූයේ රට­වල් දාහ­තක කාන්තා­වන් සිය දෙනකු ගෞර­ව­නීය ලෙස නම්ක­රන ලැබූ අතර මෙහි මූලික අර­මුණ බවට පත් කර­ගෙන තිබුණේ කාන්තා­වන් උදෙසා අන්තර්ජාතික වශ­යෙන් ඡන්ද අයි­තිය ලබා දීම යන ලබා­දීම යන කරුණු ය.

මෙදින ගෞර­වය පුද කළ කාන්තා­වන් සිය­දෙනා අත­රට පින්ලන්ත පාර්ලි­මේ­න්තු­වට මුලින්ම ඉදි­රි­පත් වූ කාන්තා­වන් තිදෙනා ගේ නම් ද ඇතු­ළත් විය. කාන්තා­වන් උදෙසා වූ කාන්තා දින­යක් එසේ පැවැ­ත්වු­වද නිශ්චිත වූ දින­යක් නම් මේ වන­වි­ටත් නම් කොට නොති­බිණි.

1910 වස­රේදී කෝප­න්හේ­ගන්  නුව­රදී කාන්තා දිනය උදෙසා නිශ්චිත වූ දින­යක් නම් නොවන නමුත් 1911 දී එහි පැවති දුර්ව­ලතා මග­හ­රවා ගනි­මින් කාන්තා­වන් වෙනු­වෙන්ම වෙන්වූ දින­යක් නිශ්චිත දින­යක් නම් කරන ලදී.

ඒ අනුව ජර්ම­නිය, ස්විට්ස­ර්ල­න්තය, ඩෙන්මා­ර්කය හා ඔස්ට්‍රි­යාව යන රට­වල ඒක­ම­තික තීර­ණය මත එකී යුරෝපා රට­වල් විසින් මාර්තු මස 19 වැනි දින කාන්තා දිනය ලෙස නම් කරනු ලැබුවේ ඉල්ලීම් කිහි­ප­යක් ද සම­ගිනි. එනම් රාජ්‍ය ආය­තන සඳහා කාන්තා­වන් ට  රැකියා අවස්ථා අයි­ති­වා­සි­කම් ලබා දෙන ලෙසය. ඉන් පසු උදා වූයේ පළමු ලෝක යුද්ධ සම­යයි.

මෙකල එනම් 1913 -1914 කාල සම­යේදී කාන්තා දිනය සාමය වෙනු­වෙන් හඬ නැගූ ව්‍යාපා­ර­යක් බවට පත් විය. ඒ සමඟ කාන්තා දිනය සෑම පෙබ­ර­වාරි මාස­ය­ක­දීම අව­සන් ඉරි­දාට නම් කරනු ලැබුවේ රුසි­යාව විසිනි. ඒ රුසි­යානු කාන්තා­වන් සැමරු තම පළමු කාන්තා දින­යේ­දීම ය. 

ඉන් පසු සිදු වූ වැද­ගත් සිදු­වී­මක් වූයේ ලෝක යුද්ධ­යෙන් පසු 1917 වස­රේ­දීය. මෙහිදී රුසි­යානු කාන්තා­වන් තම වර්ජන හා විරෝ­ධතා මෙහෙ­ය­වූවේ තමන්ට ආහා­ර­යක් ලෙසින් අවශ්‍ය පාන් සහ යුද්ධ­යෙන් පසු සාමය ලබා ගැනීම වෙනු­වෙනි. මේ අතර මුලින් සඳ­හන් කළ පරිදි පෙබ­ර­වාරි මස අව­සාන ඉරිදා ලබා තිබුණේ මාර්තු මස 8 වන­දාට ය.

8 වන­දා­යින් දින හත­රක් ඉක්ම ගිය තැන එනම් මාර්තු මස 12 වන දා රුසි­යානු කාන්තා­වන්ට ඡන්ද අයි­තිය ලබා දීමට එරට පාල­ක­යන් තීර­ණය කරන ලදී. එතැන් සිට මේ ආකා­ර­යට ගලා­ගෙන ආ කාන්තා දිනය නිල වශ­යෙන් මාර්තු මස 8 වැනිදා ලෙසින් නිශ්චි­ත­වම නම් කරනු ලැබුවේ  1975 වර්ෂ­යේදී ය. 

මේ මොහොත වන විට අප තව­මත් අන්තර්ජාතික කාන්තා දිනය ලෙසින් මාර්තු 8 වනදා පිළි­ගනු ලබන්නේ කාන්තා­වන් වෙනු­වෙන් නම් කළ දිනය බිහි වූ 1909 පසුව වසර හැට හය­කට පසු­වය. මෙයා­කා­ර­යට 1975 න් පසුව ගතවූ වසර විස්සක් ගිය තැන එනම් 1995 වසරේ දී කාන්තා­වන් වෙනු­වෙන්ම ලෝකයේ රට­වල් 189ක අත්සන් සහි­තව ඓති­හා­සික ගිවි­සු­මක් අත්සන් කර­න්නට විය.

මෙකී ගිවි­සු­මෙන් කියැ­වුණේ ලෝකයේ සිටින ඕනෑම කාන්තා­ව­කට මෙන්ම තරු­ණි­ය­කට වුව තමන්ගේ අභි­ම­තය පරිදි තමන්ට නිසි අධ්‍යා­ප­න­යක් ලැබීමේ,  තමන්ට  අවශ්‍ය පරිදි දේශ­පා­ලන මත­යක් දැරීමේ අයි­තිය මෙන්ම තමන්ට එරෙ­හිව සිදු­වන ක්‍රියා­කා­ර­කම්වලට එරෙ­හිව තමන්ට සුදුසු පරි­ස­ර­යක ජීවත් වීමේ අයි­තිය යන කරුණු සම්බ­න්ධව තීරණ ගැනීමේ අයි­තිය පිළි­බ­ඳයි.

1995 දී මෙවන් වූ ගිවි­සු­ම­කට ලෝකයේ රට­වල් 189ක් එක­මු­තු­වෙන් අත්සන් තැබූ­වද අවා­ස­නා­වට කරුණ වන්නේ ප්‍රායෝ­ගික ලෙසින් ලෝකයේ රට­වල් කීයක නම් මේ අයි­ති­වා­සි­කම් රැකෙ­නවා ද යන්නයි.

කෙසේ වෙතත් 2014 වසර වන විට කාන්තා­වන්ගේ අයි­ති­වා­සි­කම් සම්බ­න්ධව මෙන්ම සමා­නා­ත්ම­තාව පිළි­බඳ වැඩි අව­ධා­නය යොමු කර­මින් කාන්තා­වන්ගේ අභි­වෘ­ද්ධිය, දියු­ණුව සම්බ­න්ධව කළ යුතු වැඩ කට­යුතු පිළි­බ­ඳව අව­ධා­නය යොමු කරන ලදී.  එමෙන්ම 2015 වසරේ දී තිර­සර සංව­ර්ධන කට­යුතු උදෙසා යන කරුණ පෙර­දැරි කර­ගෙන සෑම කාන්තා­වගේ මෙන්ම කුඩා දැරි­ය­කගේ සමා­නා­ත්ම­තාව අයි­තිය තහ­වුරු කර­දීම වෙනු­වෙන් මෙසේ තිර­සාර සංව­ර්ධන කට­යුතු සඳහා කරුණු ගෙන එනු ලැබිණි.

කරුණු කාරණා මෙසේ ගලා­ගෙන ගොස් අද වන ­විට ලෝකයේ සෑම රට­කම මාර්තු මස 8 වන දින කාන්තා දිනය ලෙසින් සම­රනු ලබයි. 1909 වර්ෂයේ ඒ සඳහා නොබි­යව එක්වූ කාන්තා­වන් සමූ­හ­යක් නිසා එකී වසරේ පෙබ­ර­වාරි මස 28 වනදා එක් වූ කාන්තා­වන්ගේ එක­මුතු භාවය මත අද වන විට ලෝකය පුරා කාන්තා දිනය සම­රනු ලබයි. ඔවුන් එදා ඒ කාන්තා දිනය සම­රනු ලැබුවේ ඊට පෙර වස­රේදී ඇඟ­ලුම් කම්හල් සේවි­කා­වන් පිරි­සක් විසින් කළ අයි­ති­වා­සි­කම් දිනා ගැනීමේ සට­නට උප­හා­ර­යක් වශ­යෙනි.

කරුණු කව­රා­කා­ර­යෙන් වුවද ලෝක­යක් ගොඩ නග­න්නට අන් සිය­ල්ල­න්ටම වඩා උර­දෙන කාන්තා­වන් උදෙසා මෙවන් වූ උත්තම දින­යක් නම් කිරීම සැබ­වින්ම අගය කළ යුත්තකි. එහෙත් එය නිරා­යා­ස­යෙන් ලැබූ දෙයක් නොව එක­මු­තු­භා­වයේ සට­න­කින් පසු දිනා­ගත් දෙයක්ම බව ඉඳු­රාම කිව යුතුය