රෑ කාලේ ෆෝන් භාවිත කිරීමේදී ගොඩක් දෙනා හිතන්නේ ඒවායේ ඇති විකිරණ සහිත ස්වභාවය පමණක් අපට අනතුරුදායක ලෙසයි. නමුත් ඔවුන් වැරදියි. ඊටත් වඩා අනතුරුදායක වන්නේ ජංගම දුරකතනවල තිරයෙන් පිටවන Blue Light නැතිනම් නිල් ආලෝකයයි. රෑ කාලේ ලැබෙන මේ නිල් ආලෝකය නිසා අපේ නින්ද අවුල් වේ. එයින් මාරක ලෙඩ රුසක්ම හදන්න හේතු වේ.
මේ Blue Light කියන දේ අපිට සූර්යයාගෙන් දවල් කාලයේ ලැබේ. නමුත් දවල් කාලයේදී එය ඇස්වලට හානියක් කරන්නේ නෑ. නමුත් රාත්‍රී කාලයේදී එක එල්ලේ ජංගම දුරකතනය දෙස බලා සිටින්නන්ට නම් මෙම නිල් ආලෝකය මගින් සිදුකරන හානිය ප්‍රබලයි. නිල් ආලෝකය මගින් අපේ ශරීරයේ ඇති මෙලටෝනින් කියන හෝර්මෝනය නිපදවීමට බාධා කරයි. මෙලටෝනින් මගින් අපේ සිරුර ශාන්ත බවට පත් කරන්නේ. නින්ද විශ්‍රාමය ලබා දෙන්නේ. මෙලටොනික්වලට අහිතකර මෙම නිල් ආලෝකය මගින් මිනිස් සිරුරට වෙන හානිය මෙ ෙස්ය
ඇසට බරපතළ හානි
රෑ කාලයේ නිදාගැනීමට පෙර ජංගම දුරකතන භාවිතය නිසා ඇසට එක එල්ලේ ගලා එන නිල් ආලෝකය මගින් ඇසේ දෘෂ්ටිවිතානයට, කහ බින්දුවට දැඩි ලෙස හානි වේ. විශේෂයෙන්ම කහ බින්දුව පරිහානියට පත්වීම නිසා ඔබ ඉදිරියේ තිබෙන රෑප ඇසට නාභිගත කරගෙන බැලීමට අපහසු වෙන්න පටන් ගනී. ජංගම දුරකතන තිර දෙස මෙන්ම පරිගණක තිර දෙස දිවා රාත්‍රී බලා සිටින්නන්ට ඔවුන් ඉදිරියේ තිබෙන රෑප බොඳ වී පෙනෙන්න ගන්නේ මේ හේතුව නිසයි. ඒ වගේම වයස්ගත වීමටත් පෙර ඉක්මනින්ම ඇසේ සුද මතුවීමේ අවදානමකුත් ඇතිවෙ.
නින්ද නොයාමේ ගැටලු
මුලින් කිව්වා වගේ මෙලටෝනින් කියන අපේ සිරුර ශාන්ත බවට පත්කරන හොර්මෝන ක්‍රියාකාරීත්වය නිල් ආලෝකය නිසා සම්පූර්ණයෙන්ම බිඳ වැටේ. මෙලටෝනින් මගින් තමයි අපේ සිරුරේ Rest Cycle නැත්නම් විවේක චක්‍රය නිසි පරිදි පවත්වා ගන්නේ. මෙම හොර්මෝනය අඩපණ වීමෙන් නිදාගන්න වේලාව මොකක්ද වැඩ කරන වෙලාව මොකක්ද කියන එක සිරුරට අඳුනගන්න බැරිවෙලා යයි. ඒ නිසා නින්ද නොයාමේ ගැටලු ඇතිවෙ. මෙම විවේක චක්‍රය අක්‍රමවත් වීම නිසා ඇතිවන අනෙකුත් හානි තමා මේ.
හදවත් රෝග, ප්‍රතිචාර දැක්වීමේ පමාව, කෙටි අමතකවීම්, මානසික ආතතිය, සම ඉක්මනින් වයසට යාම, ශරීර බර වැඩිවීම, පිළිකා ඇතිවීමේ අවදානම.
රාත්‍රී කාලයේ නින්දට යාමට පෙර ජංගම දුරකතන භාවිතය නිසා ඇතිවන වෙනත් සෞඛ්‍ය හානියක් තමයි අපිව පිළිකා ඇතිවීමේ අවදානමට ගොදුරු වීම. නිල් ආලෝකය නිසා සිරුර තුළ නිපදවීම සීමාකෙරෙන මෙලටෝනින් හොර්මෝනය සතුව පිළිකා අවදානමට එරෙහිව සටන් කිරීමේ හොඳ හැකියාවක් තිබේ. එය අහිමි වීමෙන් අපිව නිබඳවම පිළිකාවලට ගොදුරුවීමේ හානිය වැඩියි.
ඔබ දැනගත යුතු තවත් දෙයක් තිබේ. මේ රාත්‍රී කාලයේදී මිනිස් ඇසට හා සිරුරට හානි කරන නිල් ආලෝකයට අපි ගොදුරු වන්නේ ජංගම දුරකතනවලින්ම පමණක් නෙවෙයි. පරිගණක තිර හා රෑපවාහිනි තිරවලින්ද මේ විදිහටම නිල් ආලෝකය අපේ ඇස්වලට වැටෙනවා.
ජංගම දුරකතනවල මේ නිල් ආලෝක ධාරාවලින් රාත්‍රී කාලයේදී අපේ ඇස් පරිස්සම් කරගන්න නම්, මූලිකවම ඉතින් කළ යුතු දේ වන්නේ ජංගම දුරකතන භාවිතය අඩු කිරීමයි.
9 Comments
Supiri
ReplyDeleteWatinawa
ReplyDelete💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍✍️
ReplyDeleteMe wage dewal share karath paadu na ඇත්තටම watinawa
ReplyDeleteGOOD ARTICLE
ReplyDeleteBest
ReplyDeleteNiyamai
ReplyDeletegood
ReplyDeleteGood 🙂
ReplyDelete