ගාල්ල උඩුගම මාර්ගයේ පැමිණ හියාරේ මංසන්ධිය අසලින් කිලෝමීටර් තුනක් පමණ ගිය පසු මනස්කාන්ත වූ රමණීය පරිසරයකට උරුමකම් ලද හියාරේ ජෛව විවිධත්ව රක්ෂිත උද්‍යානය හා ජලාශය නෙත ගැටෙයි . සංචාරක පුරවරයක් වූ ගාලු නගරයට යාබදව පිහිටා තිබුන ද වර්තමානය වන විට මෙය බොහෝ දෙනාගේ නෙත නොගැටෙන ස්ථානයක් බවට පත්ව ඇත. පහතරට තෙත් කලාපයේ නිරිතදිග බෑවුමෙහි පිහිටි මෙකී ජෛව විවිධත්ව රක්ෂිත උද්‍යානය හා ජලාශය තුළින් දකුණු ලකෙහි අසිරිය මානව කියාපායි.
අක්කර පනස් පහක වපසරියකින් යුත් හියරේ ජලාශය මඟින් අතීතයේ දී මුළු ගාලු පුරවරටම අවශ්‍ය වූ ජලය සම්පාදනය කිරීමට හැකි වුව ද වර්තමානය වන විට ජනාවාස සීඝ්‍ර ලෙස වර්ධනය වී තිබෙන නිසාවෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි තත්ත්වයකට පත් වී ඇත.2000 වර්ෂය තෙක්ම මෙකී ජලාශයෙහි ජලය කරාපිටිය රෝහලට ලබා දීමට හැකි වුව ද වර්තමානය වන විට එම තත්ත්වය අඩපණ වී ඇත. මුහුදු මට්ටමේ සිට අඩි තුන්සිය අසූ හතරක් උසින් මෙම ජලාශය ඉදිකර තිබුණ ද කිසිදු යන්ත්‍ර සූත්‍රයක් භාවිත කිරීමෙන් තොරව මුළු ගාලු පුරටම ජලය ලබා දීමට සමත් වී තිබීම විශ්මයජනක කරුණකි .වර්ෂ 1911 සිට 1975 දක්වා අඛණ්ඩව වසර හැට හතරක කාලයක් මුළුල්ලේ මෙම ජලාශය මගින් ගාලු පුරවරය දක්වා ජලය ලබා දී ඇත ග ඉතාමත් පිරිසිදු ලෙස ජලය ලබා දීමට හැකි අයුරින් මෙය නිර්මාණය කර තිබීම විශ්මයජනකය.
ජලාශය හාත්පසින්ම ඝනට වැඩුණු තුරුලතාවන් නිසාවෙන් ජලාශයෙහි සුන්දරත්වය ඔප්නංවාලයි. ජලාශය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ගිමන් නිවන කදිම තෝතැන්නක් ලෙස අවට පරිසරයේ ඇති තුරුලතා සැලකිය හැකිය. අක්කර පනස් පහක් දක්වා වපසරියක විසිරී පවතින මෙම ජලාශයේ භාරකත්වය දරනු ලබන්නේ ගාල්ල මහා නගර සභාවයි. මෙම ජලාශයෙහි සුන්දරත්වය විඳගනු වස් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්හට ජලාශය පුරා ගමන් කිරීම සඳහා බෝට්ටු පහසුකම ද ලබා දී තිබීම තුළින් අවට පරිසරයේ සුන්දරත්වය උපරිම ලෙස විඳ දරා ගැනීමට ඔවුන්ට ඉඩප්රස්ථාව ලැබී ඇත.
නිසල පරිසරයේ ගලා යන ජල දහරේ සුන්දරත්වය විඳිනු වස් මෙය කදිම ස්ථානයකි .අතීතයට වඩා වර්තමානය වන විට මෙම ජලාශය හා ජෛව විවිධත්ව උද්‍යානය නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් ගණන සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී තිබීම සොම්නසට කරුණක් වී ඇත. මන්ද අතීතයේ දී ගාල්ල නගරයට අගනා සම්පතක් වූ පෞරාණික හියාරේ ජලාශයෙහි තතු ලාංකිකයන් ද නොදන්නා තරම්ය.
හියාරේ ජලාශයෙහි වර්තමාන තත්ත්වය සලකා බැලූ විට පැහැදිලි වන කරුණක් නම් මෙහි ජලය කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා බැව්ය. මේ සා පිරිසිදු ජලය ලබා දිය හැකි ජලාශයකින් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අත්හැර නොදමා එයින් උපරිම ඵල නෙළාගත යුතුය. මන්ද ගාලු පුරවරයේ බොහෝ පුද්ගලයන් මුහුණ පා ඇති ගැටළුවක් බවට පිරිසිදු ජලය හිඟ වීම බලපා ඇත ග මෙකී පිරිසිදු ජලය හිඟ වීමේ ගැටලුවට ලබා දිය හැකි හොඳම පිළිතුර ලෙස මෙම ජලාශය මඟින් පෙර පරිදී ජලය ලබා දීම තුළින් ඔවුන්ගේ ගැටලුවට පිළිතුරු ලැබෙනු ඇත .එපමණක් නොව හියාරේ ජලාශයට යාබදව ජීවත්වන සමහරක් ගැමියන්ද මෙකී පිරිසිදු පානීය ජලය නොමැතිවීම නිසා දැඩි අර්බුදයකට මුහුණ පා ඇත .එකී අර්බුදයට පිළියමක් ලෙස ජලාශයෙහි ජලය මිනිස් පරිබෝජනයට ගත හැකි ලෙස සලසා ඔවුන්ට ලබා දීම සිදුකළ හැකිය .
මෙය නිර්මාණය කිරීමෙහිලා තම ශ්‍රමය මෙන්ම කාලය ද වැය කළ ඩී.ජේ. විමලසුරේන්ද්රයන්ගේ නිල නිවාසය ජලාශයට යාබඳව පිහිටා තිබේග වර්තමානය වන විට ගාල්ල මහ නගර සභාවෙහි කාර්යාලය සඳහා එය භාවිතා කර ඇත. ජලාශය මෙන්ම එය ද ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියනු ලබයි.
එමෙන්ම ජලාශයෙහි පහළ සකස් කර ඇත්තා වූ උමන් ජල මාර්ග තුළින් ජලාශයෙහි සුන්දරත්වය තවත් ඔප් නංවයි ,කළු ගල් භාවිතා කරමින් කලාත්මක හා කල්පවතින අයුරින් ජලය යට නිර්මාණය කර ඇති මෙය විචිත්‍රත්වයෙන් පරිපූර්ණයග වත්මන වන විට මෙය වවුලන්ගේ පාරාදීසියක් බවට පත්ව ඇත.
හියාරේ ජලාශයේ සුන්දරත්වය විඳ ගැනීමේ අටියෙන් හියාරේට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්හට ලබා දෙන විශේෂ පණිවුඩය වන්නේ බෝට්ටුවල ගමන් කිරීමේ දී දෙන ලද උපදෙස් පිළිපදිමින් ජීවිතාරක්ෂක කබා පැළඳගෙන තම ආරක්ෂාව සලසා ගන්නා ලෙසයි. මන්ද අනාරක්ෂිත තත්ත්වයන් යටතේ බෝට්ටුවල ගමන් කිරීම විවිධ අනතුරුවලට ලක්විය හැකි බැවිනි.
හියාරේ ජලාශයේ සුන්දරත්වය විඳ ගැනීමෙන් පසුව හියාරේ ජෛව විවිධත්ව රක්ෂිතඋද්යානයේ අසිරිය නැරඹීම පැමිණෙන නරඹන්නන්ගේ මීළඟ අභිප්‍රාය වේ. විවිධ තුරුලතා හා සත්ත්ව ග්රහණයෙන් අනූන වූ මෙකී පරිසරයේ අත්දැකීම් විඳගන්නට පැමිණෙන කවරෙකුගේ වුව ද සිත් සතන් ඇඳ බැඳ ගන්නට හැකි ආකාරයේ අපූර්වතම හැකියාවක් ජෛව විවිධත්වයෙන් සපිරි මෙකී රක්ෂිතඋද්යානයට තිබේ ග මෙම රක්ෂිතඋද්යානය නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයින්හට රු.10.00 වැන ඉතා සුළු මුදලක් ගෙවා ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතු අතර විදේශීය සංචාරකයින්ට මෙම රක්ෂිතඋද්යානය නැරඹීම සදහා රු. 150.00 ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතු වේ .දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ට මෙම ජෛව විවිධත්ව රක්ෂිතඋද්යානයේ වෘක්ෂලතා හා සත්ත්වන්ගේ තොරතුරු ලබාදීම හා මඟපෙන්වීම සඳහා එම භූමිය තුළම වනජීවී සංරක්ෂණ මධ්‍යස්ථානයක් ද ගාල්ල මහා නගර සභාවේ කාර්යාලයක්ද ඉදිකර ඇත.
මෙම උද්‍යානයෙහි භාරකාරත්වය ගාල්ල මහා නගර සභාවට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හිමිවන අතර රක්ෂිතඋද්යානය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට පොහොය දිනයන් හැර අනෙකුත් සතියේ සහ සති අන්තයේ දිනවල පෙරවරු 7.00 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ අවස්ථා සලසා දී තිබේ .හියාරේ ජෛව විවිධත්ව රක්ෂිතඋද්යානයට පිවිසුම් මාර්ගයේම එම උද්‍යානය නැරඹීමේ දී අනුගමනය කළ යුතු හා අනුගමනය නොකළ යුතු ක්‍රියාමාර්ග අඩංගු පුවරුවේ සඳහන් උපදෙස් පරිදී මෙම උද්‍යානයෙහි සත්ත්වයන්ට හා ගස්වැල්වලට හානි නොවන්නා වූ අයුරින් ක්‍රියාකිරීමට පැමිණෙන්නන් වගබලා ගත යුතුය.
මෙකී ජෛව විවිධත්වයෙන් අනූන වූ රක්ෂිතඋද්යානය පිහිටි ගම්මානය ද හියාර නමින් හදුන්වනු ලබයි. හියාරයන්නෙහි අරුත සිය ආර නොහොත් දියපහර සියයකින් සැදුම්ලත් යන්නයි ග කෘෂිකාර්මික අර්ථ ක්‍රමයකින් තම ජීවිකාව සරි කරගනු වස් මෙහි ගැමියන් උත්සුක වී ඇත. තව ද වී හා කුරුඳු යම් ප්‍රමාණවලින් වගා කරනු ලැබේ .අවට ගම්වාසී ගැමියන් බොහෝදෙනා මෙම ජෛව විවිධත්වයෙන් සපිරි උද්‍යානය රැක ගැනීම සඳහා සහයෝගය දක්වන අතර සමහර අවස්ථාවන්හිදී අලාභ හානි සිදු කරනු ලබන අවස්ථා ද නැතුවම නොවේ.ගම්මානයකට මැදිව පිහිටා තිබෙන මෙම උද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන සියලුදෙනා එම ගම්මානයෙහි ගම්වැසියන්ට හිරිහැරයක් නොවන අයුරින් හැසිරිය යුතු වීම වැදගත් කරුණකි .
අක්කර 650 පමණ වූ සුවිශාල භුමි ප්‍රදේශයක් දක්වා විසිරී ඇති මෙකී රක්ෂිතඋද්යානයට පැමිණෙන සියලුම පුද්ගලයන් සඳහා උද්‍යානයෙහි නැරඹීම සඳහා සීමා කර ඇති ප්‍රදේශය දක්වා පමණක් යාමට ඉඩප්රස්ථාව ලබා දී තිබේ .අවසර ලබා ගැනීමකින් පසුව වනජීවී සංරක්ෂණ සංගමයේ මඟපෙන්වන්නකු යටතේ ඔවුන්ට රක්ෂිතය ඇතුළට ප්‍රවේශ වී වන අසිරිය විඳ දරා ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. මෙයට පිවිසෙන නරඹන්නන්හට කිසිදා අමතක නොවන ඉමිහිරි මතකයන් රැසක් තම සිත් සතන්හි සනිටුවහන් කරගත හැකිවනු නොඅනුමානය.
මෙම රක්ෂිතඋද්යානයට ආවේනික වූ විවිධ සත්වයින් එනම් කුරුළු ල උභයජීවීන් ල උරඟ හා මත්ස්‍ය විශේෂ මෙන්ම මෙකී උද්‍යානය තුළ තිබෙන්නා වූ වෘක්ෂලතාවන් ද තම දෑසින්ම දැක බලා ගැනීමට හා ඒවා පිළිබඳ තොරතුරු රැසක්ම දැන ගැනීමට හියාරේට පැමිණෙන ඔබට අවස්ථාව සැලසේ ග එමෙන්ම පැමිණෙන සෑම සංචාරකයකුහටම කිසිදු මූල්‍යමය පරමාර්ථයකින් තොරව මඟපෙන්වීමට වනජීවී සංරක්ෂණ සංගමයේ නිලධාරීන් කටයුතු කරනු ලැබේ ග විශේෂයෙන්ම මෙම ජෛව විවිධත්ව උද්‍යානයේ පර්යේෂණ කටයුතු සඳහා පාසල් ළමුන් ල විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් හා විවිධ පර්යේෂක කණ්ඩායම්වල සහභාගීත්වය නිරන්තරයෙන් දැකගැනීමට හැකි වේ .
හියරේ ජෛව විවිධත්ව රක්ෂිතඋද්යානය අයත් වන්නේ ශ්‍රීලංකාවේ ආවේනික ශාක විවිධත්වය ඉතා ඉහළ අගයක් ගනු ලබන දකුණු සිංහරාජ ල හිනිදුම් කන්නෙලිය වෘක්ෂලතා පද්ධතියට වේ ග ජෛව විවිධත්වයෙන් අනූන කොට්ටාව කෝළඹ වනාන්තරයට යාබදව පිහිටා ඇති මෙය දුටුවන්ගේ සිත් පිනවන පාරිසරික සෞන්දර්යයකට හිමිකම් කියනු ලබයි
යෝධයින් සේ නැගී සිටින හරිත වර්ණ තුරුගොමු මෙන්ම ළපටි පැළෑටිවලින් අනූන වූ මෙකී උද්‍යානය තුළ සුලභව මෙන්ම දුලභව දැකගත හැකි වෘක්ෂලතාවන්ගෙන් අනූනය ග ඒ අතර නේරු ස්තරයට අයත් පෙලෙන් වැනි ශාකයන්ගෙන් ද වියන් ස්ථරයට අයත් හොර ල භූහොර ල බටු ල කීන ල වැලි පින්න ල අරිද්ද ල ඊපෙත්ත වැනි ශාකයන්ගෙන් ද උපවියන් ස්ථරයට අයත් හැඩවක ල මලගොබ ල වල්කදුරු ල දියපර ල කැකිරි වරා ල බදුල්ල ල ගල් වෙරළු වැනි ශාකයන්ගෙන් ද යටිවියන් ස්ථරයට අයත් මල්කැල ල පින්න ල ගල්කරද ල බොරු ල අන්කෙන්ද වැනි ශාකයන්ගෙන් ද බිම් ස්තරයට අයත් අතු කැටිය ල වන ඉදල ල මීවන ල පත්කෑළ වැනි ශාක ග්රහණයෙන් බහුල වූ මෙකී උද්‍යානය තුළ දුර්ලභ ඝනයේ ඖෂධ ශාක මෙන්ම කැළෑ මල්වර්ග දැකගැනීමට හැකි වේ ග එමෙන්ම ලංකාවට පමණක් ආවේනික වූ විශේෂිත ශාක වර්ගයන් ද මෙහි පියමනින කෙනෙකුගේ නෙත ගැටෙයි.
තුරුගොමු අතරින් පියමනින සංචාරකයින්උද්යානය පුරා රැව් පිළිරැව් දෙන සමනලුන්ගේ ගුම් නාදයන් විඩාව නිවන ඖෂධයක් වැනිය.වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ සමනල් විශේෂ 244 ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් සමනල් විශේෂ 20 ක් පමණ ලංකාවට ආවේණික අතර හියාරේ ජෛව විවිධත්ව උද්‍යානය තුළින් දැනට වාර්තා වී ඇති විශේෂ ගණන 77 කි. ඉන් විශේෂ තුනක් ලංකාවට ආවේනික වූවන්ය.
නෙත් වශී කරවා සමනලුන්ට තෝතැන්නක් වූ හියාර රක්ෂිත උද්‍යානයෙහි ඉතා දුර්ලභ ඝනයේ සමනල විශේෂයන් ද දැකගත හැකි වේ .මෙකී දුර්ලහ ඝනයේ සමනලුන් ව්‍යාප්ත කිරීමෙහිලා දුර්ලභ සමනල් පෝෂක ශාක අධ්‍යනය කර ඒවා වනයට නැවත හඳුන්වාදීමේ වැඩපිළිවලක් මෙහි ක්‍රියාත්මක වේ . මෙමගින් ලංකාව තුළ නිතර ඇස නොගැටෙන සමනල විශේෂයන් උත්පාදනය කළ හැකි වීම සතුටට කරුණකි.සමනල විශේෂ පමණක් නොව තවත් සත්තවයින්ගේ ග්‍රහණය වැඩි කරවීම සඳහා වනජීවී සංරක්ෂණ සංගමය හියාරේ රක්ෂිත උද්‍යානය තුළ විවිධ පර්යේෂණ සිදු කරමින් පවතී ග එහිදී ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන දුර්ලභ ගෙඹි විශේෂයක් වන ගස් ගෙම්බා සඳහා සිමෙන්ති වලින් තැනූ ගස්බෙන නිපදවා ඒවා වනය තුළ පිහිටුවා ඔවුන්ගේ ග්‍රහණය වැඩි කිරීම සඳහා කටයුතු යොදා ඇති ආකාරය දැක ගත හැකි වේ .එමෙන්ම හියාරේ ජලාශය තුළ කලකට පෙර විවිධ වර්ගයන්ට අයත් මත්ස්‍ය විශේෂ වඳ වීමට ලක්ව ඇත .ඔවුන් නැවත හඳුන්වා දීමේ වැඩ පිළිවලක් ද මෙම ජලාශය ආශ්‍රිතව පාදක කරගනිමින් සිදු කරයි . ලංකාවේ වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටින දුර්ලභ සත්ත්ව විශේෂයන් රැක ගැනීමෙහිලා හියාරේ රක්ෂිත උද්‍යානය හා ජාලාශය ඇසුරු කරගනිමින් සිදු කරන මෙකී ක්‍රියාවලිය ප්‍රශස්තය .
විසකුරු සර්පයින්ට රජදහනක් වූ හියාර රක්ෂිතයෙහි විසකුරු මෙන්ම නිර්විෂ සර්පයින් ද දක්නට ලැබේ. ලංකාවේ දැනට සර්ප විශේෂ 98 ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් 57 ක්ම ලංකාවට ආවේණික වූ සර්ප විශේෂ වේ .හියාරේ ජෛව විවිධත්ව උද්‍යානය තුළ දී නාග මාපිලා ල දාර කරවලා ල මල්සරා ල කටකළුවා ල පැදුරු හාල්දන්ඩා ල වයිරි හාල්දණ්ඩා ල තුරු හාල්දණ්ඩා ල කබර දත්කැටියා ල පුල්ලි දත්කැටියා ල දැති ගෝමරයා ල ගැරඬ‘යා ල නයා ල පිඹුරා ල තිත් පොළඟා වැනි සර්ප විශේෂ 31 කට අධික සංඛ්‍යාවක් දැක ගැනීමට හැකි වේ .ඉන් පලා පොළඟා ල මුදු කරවලා ල දෙපැත් නයා ල දියබරියා ල දාර කරවලා ල ඇහැටුල්ලා ල හෙන කඳයා ල අහරකුක්කා ල ලේ මැඩිල්ලා ල කබර දත්කැටියා ල කුඩා ලේ මැඩිල්ලා ල දිය වර්ණ ල නිදි මාපිලා අදී සර්ප විශේෂ දහතුනක් ලංකාවට ආවේනික වුවන්ය.
ලංකාව තුළ හමු වී ඇති උභයජීවී විශේෂ අතුරින් විශේෂ 88 ක් ම ලංකාවට ආවේනික වූවන්ය. සමීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව හියාරේ ජෛව විවිධත්ව උද්‍යානය තුළින් උභය ජීවී විශේෂ 21 පමණ ජීවත්වන බවට වාර්තා වාර්තා ලැබී ඇත .
සොබා සෞන්දර්යයේ රසමුසු තැන් සොයා යන කවරෙකුගේ වුව ද නේත්රාකර්ශණයට බඳුන්වන මෙකී රක්ෂිත උද්‍යානය හා ජලාශය ඉදිරි පරපුරසඳහා ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමකි
0 Comments