අපේ ජීවිතයේ අපිට වැදගත්ම දෙයක් තමයි අපේ නම කියන්නෙ. ඒකනෙ කියනකොටත් කියන්නෙ සමාජයේ හොඳ නමක් තියාගෙන ජීවත් වෙන්න ඕනා, නම කැත කරගන්නවා, කුණු කය දිරයි නාමය නොදිරයි කියලා. ඉතින් අපිට මෙච්චර වැදගත් නමෙත් වැඩිම අවධානය යොමු වෙන්නෙ වාසගමට. ආයතන මට්ටමේදිනම් ගොඩක් වෙලාවට මුල් නම හෝ මැද නමට වඩා වාසගමින් තමයි කතා කරන්නෙ. වාසගම කියන එක ලෝකය පුරාම මිනිස්සුන් භාවිතා කරන දෙයක්. ඒක එක් ප්‍රදේශයකට හෝ රටකට හෝ මහද්වීපයකට සීමා වෙන්නේ නැහැ. ලෝකයේ හැම රටේම නම සමඟ වාසගමක් පාවිච්චි කරනවා. බොහෝ වෙලාවට වාසගම පාවිච්චි කරන්නේ පරම්පාරාව, ගෝත්‍රය, ගම , ප්රදේශය, පාරම්පරික රැකියාව වගේ දේවල් අඟවන්නයි. අපේ රටේනම් දක්ෂතාවය අනුවත් වාසගම් පිරිනමලා තියෙන බව ඉතිහාසය බැලුවම පෙනෙන්නට තියෙනවා. ඉතින් දැන් අපි මේ කතා කරන්නේ අපේ රටේ තිබෙන වාසගම් කිහිපයක් හැදුන හැටි ගැනයි.
අපි පටන්ගමුකො මේ දවස්වල ලංකාවෙ වැඩියෙන්ම ප්‍රසිද්ද පවුලක වාසගමකින්
"රාජපක්ෂ" - රජුට වඩාත් හිතවත්ව සිටින පද්ගලයන්ට මේ වාසගම පිරිනැමුවා.
"පීරිස්" - මේක ප්‍රතුගීසි නමක්. පීරිස් කියන වචනය හැදෙන්නේ පීරෙස් කියන වචනයෙන් කියල තමයි කියන්නේ. පීරෙස් කියන වචනය ප්‍රතුගීසි නමේ තේරුම තමයි පීරිසිය කියන එක. දනගන්නට ලැබුන විදියට මේක ලංකාවෙදී හැදුන නමක්.
"පෙරේරා" - මේකත් ප්‍රතුගීසි නමක්. පෙයාඅස් ගස කියන එක තමයි තේරුම. මේ නමම වෙනස් වෙවී හැදුන නම් ගණනාවක් ලෝකයේ භාවිතා වෙනව.
"අතපත්තු" - නම විශේශ නමක්. වීරයන්ගෙන් පැවත එන පරම්පරාවක්. ප්‍රතුගීසීන්ට විරුද්ධව සටන් කෙරූ වීදීය බණ්ඩාර වීරයා සතුව සිවිශේශී හමුදාවක් තිබුණා. විශේශ දක්ෂතා තිබෙන විශේශ හමුදාවක් විදියට තමයි ඔවුන් හැඳින්වෙන්නේ. හරියටම කිව්වොත් ද කාලයේ කමාන්ඩෝස්, විශශේශ බලකාය වගේ. මේ හමුදාවට කිව්වෙ අතපත්තු හමුදාව කියලයි. ඉතින් ඒ හමුදාවේ හිටිය වීරයන්ගෙන් පැවත එන අය ගෞරවයක් විදියට ඒ නම වාසගමට භාවිතා කෙරුවා.
"කොඩිතුවක්කු" - මේකත් වීරයන්ගේ පරම්පරාවක්. බටහිර ජාතීන සම්ඟ සටන් කරනකොට අපිට පොඩි කාලෙ කියල දෙනව වගෙ කඩුව දික් කරගෙන කාගහගෙන මෝඩයො වගේ ගිහින් යුද්ධ කෙරුවේ නැහැ. අපේ අයටත් තාක්ෂනය සහ උපක්‍රම සහ විනය තිබුණා. අපේ අයගෙ තිබුණ කාල තුවක්කු හමුදාවට තමයි කොඩිතුවක්කු හමුදාව කියන්නෙ. ඒ තුවක්කු කාගෙන්වත් හොරකම් කෙරුව ඒවා නෙවෙයි. අපේම නිර්මාණකරුවන් නිර්මාණය කෙරුවතුවක්කු. ලෝකයේ මුලින්ම ස්නයිපර් තුවක්කුව පවා හැදුවෙ අපේ රටේ බව ඔබ දන්නෙ නැතුවඇති. අපි ඉදිරියේදී ඒ ගැනත් ලිපියක් පළකරන්නම්කො. කොහොම හරි මේ කොඩි තුවක්කු හමුදාවෙ හිටිය වීරයන්ගේ පවුල්වල අය තමයි කොඩිතුවක්කු කියල නම පාවිච්චි කරන්නෙ.
මීරට අමතරව සේනවට සම්බන්ඳ අයට රජ තුමා ලබාදුන් වාසගම් කිහිපයක් තමයි රණවීර, ජයසූරිය, ජයවීර, රණසිංහ, වික්‍රමසිංහ, වීරසිංහ, විජේවීර, විජේසිංහ, වික්‍රමසූරිය, වික්‍රමභාහු, වීරතුංග, වීරවර්ධන, වීරසිරි, පලිහවඩන, කොඩිකාර, විජේවර්ධන, රාජකරුණා කියන්නේ.
"මොහොට්ටි" - මේකත් රජවාසලට සම්බන්ධ නමක්. අද කාලෙ වගේම තමයි ඉස්සරත් රජ වාසලට සම්බන්ධ රජතුමාට වගේම ඇමති වරුන්ටත් ලේකම්වරු ගොඩක් හිටියා. ඒ ලේඛම්වරු හැඳින්වුණේ මොහොට්ටි කියන නමෙන්. රජතුමාගේ ලේඛම් තමයි මහමොහොට්ටි කියන්නෙ.
"අප්පු, රාළ, විදානගේ " - මේවා රජ කාලයේ තිනුණ නිළතල.
"බණ්ඩාර" - මෙය ඉන්දියාවේ පාණ්ඩව දේශයෙන් අපේ රටට පැමිණි පණ්ඩාරම් පරපුරෙන් ලැබුන නමක් විදියට සලකනවා. පණ්ඩාර යන නම පසු බණ්ඩාර වුණා කියලයි කියන්නෙ. ඒත් මීට වඩා වෙනස් මතයක් සමහර පිරිස් දරනවා. ඔවුන් පවසන්නේ බණ්ඩාර නම රාවන යුගයේ සිට පැවත එන වසර දහස් ගණනක් පරණි නමක් බවයි.
"අල්විස්" - ප්‍රතුගීසි නම අල්වෙස්. අල්ෆාගෙ පුත්‍රයා තමයි තේරුම.
"සිල්වා සහ ඩි සිල්වා" - සිල්වා යනු ප්‍රතුගීසි භාශාවේ ඇති ලතින් වචනයක්. එහි තේරුම ළඳු කැලෑව යන්නයි. සිල්වා කියන්නෙ ලඳු කැලෑව වන අතරෙ, ඩි සිල්වා කියන නමේ තේරුම ලඳු කැලෑවෙහි වේ.
"ඩයස්" - ප්‍රතුගීසි භාෂාවෙන් දියාස් කියන්නෙ දවසට. ඒ වගේම සූර්‍ර්‍යයාටත් කියනවා.
"මෙන්ඩිස්" - ප්‍රතුගීසි වචනය මෙනෙන්දිස් යන්නයි. එහි තේරුම මෙනෙන්දෝගේ පුත්‍රයා යන්නයි. ක්‍රි.ව. 6 වෙනි සියවසේ ජීවත් වුණ ස්පාඥ්ඥ කුමාරයෙක් තමයි මෙනෙන්දෝ කියන්නේ. ඔහු ආගම වෙනුවෙන් ජීවිත කැප කෙරුව කෙනෙක්.
"ප්‍රනාන්දු, ෆර්නෑන්ඩෙස්" - මේකත් ප්‍රතුගීසීන්ගෙන් ලැබුන නමක්. නමට හේතුව ජර්මනියේ රජ පෙලපතක්. ඒ ෆර්ඩිනැන්ඩි රජ පෙලපතයි. හබැයි ලංකාවෙ ඉන්නෙනම් ඒ පළපතේ අය වෙන්න බැහැනෙ. එහෙම වුනොත් ඒක වෙනම ප්‍රශ්නයක් ;)
"නෝනිස්" - ප14 වෙනි සියවසේ ප්ෘතුගාලයේ හිටිය වීරයෙක් තමයි නූනෝ. ඒ නම ලංකාවට ලැබුනේ නෝනිස් විදියටයි.
"ගෝමස්" - මේ නම අපිට ලැබිලා තියෙන්නේ ස්පාඥ්ඥ ජාතිකයන්ගෙන්. ජර්මන් භාෂාවෙන් ගූමා කියන්නෙ මිනිසාට. මිනිසාගේ පුත්‍රයා කියන එකයි නමේ තේරුම.
"ෆොන්සේකා" - මේක ලතින් වචනයක් ෆොන් - උල්පත සිකා - වියළි බිම . වියළි බිමේ උල්පත කියන එක තමයි නමේ තේරුම.
"කොස්තා" - ප්ෘතුගීසි වචනයේ තේරුම තමයි හගං ඉවුර/ ගං බෑවුම.
"වාස්" - මෙය හංගේරියානු වචනයක්. යකඩ කියන තේරුමයි තිබෙන්නේ. මේ නම කම්මල්කරුවන් වෙනුවෙන් භාවිත කෙරුවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යකඩ වගේ ශක්තිමත් පුද්ගලයා කියන තේරුමෙන් භාවිත කෙරුවා වෙන්නත් පුළුවන්.
"රොද්‍රිගු" - මෙය සපාඥ්ඥ නමක්. එකොලොස් වෙනි සියවසේ හජීවත් වුණ කෝටිපතියෙක් තමයි රොදරිගූ දියාස් දෙ වීවාර් කියන්නේ. ඔහුගේ පරපුරෙන් තමයි රොද්‍රිගූ නම පැවත එන්නේ.
"සූසා" - ප්‍රතුගාලයේ සූසා ගංගාව අවට ගම්මානවල සිටිය ජනතාව හැඳින්වීමට මේ නම භාවිතා කිරීම සිදු වුණා.
"අල්මේදා" - ස්පාඥ්ඥයේ එක්තරා ප්‍රදේශයක් මේ නමින් කාලක් හැඳුන් වූවා. ඒ වචනය අරාබි වචනයක්. අල් මයිදා. තේරුම තමයි සානුව. පමෙය ප්‍රතුගීසිජාතීන් අතරත් ප්‍රසිද්ධ නමක්.
"කබ්‍රාල්" - ප්‍රතුගීසි තේරුම එළුවන් ලගින තැන යි. මෙය ගොපලු ජනතාවගෙන් පැතිරුන නමක් විය හකියි.
"පැස්කුවෙල්" - ප්ෘතුගීසීන්ගෙන් ලැබුන නමක්. පාස්කු මංගල්‍යය තමයි තේරුම.
මීට අමතරව වසර දහස් ගනනක් පුරා පවත එන රාජකීප හෙළ පරම්පරා කීපයක් ලෙස රවුළුගේ, හේවා රවුළුගේ, රවුළු හේවගේ, රාවණගේ යන නම් හැඳින්විය හැක
0 Comments