ජුනි 05 වැනි සෙනසුරාදාට ලෝක පරිසර දිනය යෙදී තිබිණි. එසේම, සෑම වසරකම ජුනි 08 වැනිදාට ලෝක සාගර දිනය සැමරීමට ලක් වේ.
ජගත් පරිසර දිනය (World Environment Day) සැමරීම ආරම්භ වන්නේ 1974 වර්ෂයේදී පටන්ය. ඒ 1972 දී ස්විඩනයේ ස්ටොක්හෝම් නගරයේදී පවත්වන්නට යෙදුණු මානව පරිසරය මැයෙන් වූ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ගන්නා ලද තීරණයකට අනුවය. පරිසරය හා තිරසර සංවර්ධනය පිළිබඳ වැදගත් තීන්දුවලට එළැඹි මෙම සමුළුව නූතන පරිසර සංරක්‍ෂණය උදෙසා පදනම වැටුණු වැදගත් සමුළුවක් ලෙස සැලකේ.
නමුත් ඊට ඉහත 1970 වර්ෂයේදී ඇමෙරිකාවේදී පවත්වන්නට යෙදුණු ප‍්‍රථම ‘‘මිහිතල දින සැමරුම’’ නූතන පරිසර සංරක්‍ෂණය සඳහා වැටුණු මූලික පදනමයි. එහි සමාරම්භකයා ඇමෙරිකානු සෙනෙට් සභික ගේ ලෝඞ් නෙල්සන්ය. ‘‘නූතන පරිසර සංරක්‍ෂණය’’ (Western Environment Protection Concept) සඳහා දිවිහිමියෙන් කටයුතු කළ පුද්ගල චරිත දෙකක් ඇමෙරිකාවෙන් හමුවෙයි. ඒ අවිහිංසාවාදී පරිසරවේදියකු වූ රතු ඉන්දියානු ග්‍රෝතික නායක සියටැල්ට අමතරවය. ඉන් අයකු රැුචල් කාර්සන්ය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඒ සඳහා බහුලව භාවිත කළ රසායනික ද්‍රව්‍ය දෙකක් වූ ඞී. ඞී. ටී. සහ පී. සී. බී. යන රසායන පසුව පළිබෝධ නාශක ලෙස ඉතා විශාල වශයෙන් භාවිතා කිරීම පිළිබඳව නිහ`ඩව අධ්‍යයනය කළ රැුචල් කාර්සන් මෙනෙවිය, ඒ මගින් මිය යන කෘමීන්, කුරුල්ලන්, මත්ස්‍යයන් යනාදිය දැක ඊට එරෙහිව දැඩිව ක‍්‍රියාකළ අයෙකි. 1962 දී ලේ පතළ ‘‘සයිලන්ට් ස්ප‍්‍රිං’’ ග‍්‍රන්ථය මගින් එකී ආදීනව හෙළිකළ ඇය අදාළ පළිබෝධ නාශක සමාගම්වලට එරෙහිව තනිව ක‍්‍රියා කළාය. ජනතාව දැනුවත් කළාය. රාජ්‍ය අවධානය යොමු කළාය. එවක ඇමෙරිකානු රාජ්‍ය නායකයන් වූ ජෝන් එෆ් කෙනඩි හා ඒබ‍්‍රහම් ලින්කන් යන අයගේ ද අවධානයට ලක්වුණු ‘‘සයිලන්ට් ස්ප‍්‍රිං’’ කෘතිය හා එහි කතුවරිය රැුචල් කාර්සන්, තම ත‍්‍රන්ථය නිකුත් කර වසර දෙකකදී එනම් 1964 දී පිළිකා රෝගයට ගොදුරුව මියගියාය. එහෙත් ඇය ඇමෙරිකානු බහුජාතික සමාගම් ඉදිරියේ දණින් නොවැටී රසායනික දූෂණයෙන් ලොවම ගලවා ගන්නට නැ`ගූ හ`ඩ ලොව පරිසර සංවිධාන බිහි කිරීමේ සහ පරිසර සංරක්‍ෂණයේ මූලබීජ වැපිරුවාය.
රැචල් කාර්සන් මියගියත් ඇය ගෙනා යෂ්ටිය අතට ගන්නට ඇයගේ සමකාලීන තවත් ඇමෙරිකානුවකු කටයුතු කළේය. හෙතෙම වින්කොන්සි ප‍්‍රාන්තයේ සෙනෙට් සභිකයෙක් ද පසුව එහි ආණ්ඩුකාරවරයා ද වශයෙන් පත්වී ඇමෙරිකන් සෙනෙට් සභාවේ සභිකයකු ද වූ ගේ ලෝඞ් නෙල්සන්ය. කුඩා කල පටන්ම සංරක්‍ෂණය ගැන විශ්වාසයෙන් කටයුතු කළ හේ සංරක්‍ෂණය ඇමෙරිකානු ජාතික දේශපාලන න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරීමට තදින් වෙහෙස වූ අයෙකි. රැුචල් කාර්සන් මෙන්ම 1962 වසරේදී ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි රට පුරා සංරක්‍ෂණ චාරිකාවකට එකතුකර පරිසර සංරක්‍ෂණයට ජාතික වැදගත්කමක් ලබාදෙන්නට ඔහු කටයුතු කළේය.
1963 වසරේදී කෙනඩි ජනාධිපතිවරයා අදාළ සංරක්‍ෂණ චාරිකාවට එක්වුවද නෙල්සන්ගේ අභිමතාර්ථය ඉටුවූයේ නැත. එබැවින් 1969 දී සංවිධානයක් ගොඩන`ගා ජගත් මිහිතල දිනය සැමරීමට කටයුතු කළේය. රට පුරා දැවැන්ත ප‍්‍රචාරයක් සිදුකර පුළුල් ජන සහභාගිත්වයකින් 1970 අපේ‍්‍රල් 22 වැනිදා නෙල්සන් පරිසර ක්‍ෂේත‍්‍රයේ නව උද්දීපනයක් ඇති කළේය. එය ජගත් මිහිතල දිනයේ (World Earth Day) ඇරඹුමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය තම ප‍්‍රථම පරිසර සමුළුවකට සුදානම් වන්නේ ඒ අනුව යමිනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වීමෙන් රැුචල් කාර්සන්ලා නෙල්සන්ලා පැතූ පරිසර සංරක්‍ෂණ වැඩසටහන (එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන) සඳහා නව ඇරඹුමක් ප‍්‍රකාශයට පත් කරන අතර 1972 දී මානව පරිසරය නමින් සමුළුවක් ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පවත්වනු ලබන්නේ ඒ අනුවය. 1972 ජුනි මස 5 වැනිදා මෙසේ ස්ටොක්හෝම් නුවරදී රැුස්වන එක්සත් ජාතීන් පරිසර විනාශය, ධරණීය සංවර්ධනය, පරිසර සංරක්‍ෂණය, දිළිඳු බව තුරන් කිරීම යනාදී කරුණුවලට අදාළව එකී මානව පරිසරය නමින් සුමළුව පවත්වන්නට යෙදිණි. එය ජගත් පරිසර දිනයේ ද සමාරම්භයයි. එතැන් පටන් වසර දෙකක් එළැඹෙන 1974 ජුනි මස 5 වැනිදා පළමු ජගත් පරිසර දිනය ප‍්‍රකාශයට පත්කර සැමරුමට ලක්කෙරෙන අතර එතැන් පටන් නොකඩවා මේ දක්වා වසර 47 ක් ජගත් පරිසර දින සැමරුම විවිධ තේමාවන් යටතේ ලෝ පුරා රටවල පවත්වනු ලැබේ. මෙවර යෙදෙන්නේ එහි 47 වැන්නයි.
රැුචල් කාර්සන්ගේ ග‍්‍රන්ථය එළිදක්වා නූතන පරිසර සංරක්‍ෂණ කාර්යයට අත්පොත් තබා වසර 59 ක් ගෙවී අවසන්ය. තවත් වසරකදී එය මහලූ වයසට එළැඹේ.
එහෙත් පරිසර සංරක්‍ෂණය කොයිබටද? 47 වැනි ජගත් පරිසර දිනය යෙදෙන මෙවන් දවසක අප අපෙන්ම ප‍්‍රශ්න කළ යුතුව ඇති කාරණයකි.
ගෝලීය උණුසුම, ස්වභාවික ආපදා, දේශගුණික අනාථයන්, හරිත ආර්ථිකය, හරිත බලශක්තිය වැනි මාතෘකා පමණක් නොව කොරෝනා වසංගතය නාවික අනතුරු, සමුද්‍රීය සංරක්ෂණය ගැන පවා අද කතා කරන්නට සිදුව ඇත්තේ ලෝකය යහපත් තැනක් බවට පත්කරගැනීමේ අපේක්‍ෂාවෙනි
මානවයා විසින් විඳින්නට සිදුවූ අති දුෂ්කරම කාල පරිච්ෙඡ්දයක් අපි ගතකරමින් පසුවන අතර, අනාගතය කෙබඳු වේදැයි නොදන්නා අති අවිනිශ්චිත කාලපරිච්ෙඡ්දයකට අප පැමිණ සිටින බවද අඩ සියවසකට ලෝක පරිසර දිනය පැමිණෙමින් තිබෙන මේ මොහොතේ අප කල්පනා කළ යුතු වැදගත්ම කාරණය වෙයි.
මේ අතර ශ‍්‍රී ලංකා මුහුදු කලාපය තුළදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් සිදුව ඇති විනාශයද සාගර දිනය යෙදෙන මේ මොහොතේ අප ඉතා ඉහළින් පසක් කළ යුතුය. මීට පෙර නිව් ඩයමන්ඞ් නම් තෙල් ප‍්‍රවාහන නෞකාව ගිනි ගැනීමට ලක්ව, එය ඉක්මනින් නිවා දැමීමට අපට හැකි වුවද, එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් වළකා ගන්නට අපට හැකියාවක් ලැබුණේ නැත, රසායන ද්‍රව්‍ය සහිත මෙම බහාලූම් නැව ගිනිගැනීමෙන් මේ වනවිට සාගරයට නිකුත්වී ඇති නයිටි‍්‍රක් අම්ලය ඇතුළු රසායන හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා තවත් වසර 100 ක්වත් අපගේ සාගර ප‍්‍රදේශය පමණක් නොව, මාලදිවයින, ඉන්දියාව යන මුහුදු කලාප උපද්‍රවයට ලක්වන බවට මත පළවී ඇත.දැනටමත් රටේ බටහිර දිග මුහුදු කලාපය දූෂණයට ලක්ව ඇති අතර, මසුන්, කැස්බෑවන් ඇතුළු මුහුදු උරගයන් රැුසක් අනතුරට ලක්වී ඇත. එසේම, කොරල්පර හා පර ආශ‍්‍රිත ජෛව විවිධත්වයට මේ මගින් දරුණු ප‍්‍රතිඵල අත්වනු ඇති බවද විද්වතුන්ගේ මතයයි. එසේ හෙයින් මෙවර පරිසර හා සාගර දින අපට සතුටු විය හැකි දින නොව, සැමරුමට ලක් කළ හැකි දින නොව, දුක, කඳුළ බෙදාගැනීමට සිදුව ඇති දින දෙකක් බවට පත්ව තිබේ. මෙතෙක් කලක් අප කීවේ ශ‍්‍රී ලංකාව සමුද්‍රීය ප්ලාස්ටික් දූෂණය අතින් ලොව අංක 5 ට සිටින රට ලෙස සඳහන් අප‍්‍රසන්න ප‍්‍රවෘත්තිය. නමුත් නාවික සමුදුරු දූෂණයත් සමග එම තත්ත්වය තවත් ඉහළට ගොස් සාගර දූෂණයේ ප‍්‍රමුඛ රටක් බවට පත්වෙමින් සිටින බව මේ පරිසර හා සාගර දින සැමරුමේදී අකැමැත්තෙන් වුවත් අපට කියන්නට සිදුව ඇත.
0 Comments