විසි වන ව්‍යවස්ථා සංශෝධනය අද රටේ මූලික නීතිය බවට පත්විය.
පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් කර තිබේ.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ අද (29) පෙරවරුවේ කථානායක කාර්යාලයේදී කථානායකවරයා ඊට සිය අත්සන තැබූ බවය.
20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය.
කථානායකවරයා ඊට අත්සන තැබීමත් සමඟම 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් ලෙස බලාත්මක වෙයි.
🔺විසි වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වූ වෙනස්කම්
- අග වින විනිසුරු
- ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්
- අභියාචනාධිකරණයේ සභාපති හා එහි විනිසුරුවන්
- නීතිපති
- පොලිස්පති
- විගණකාධිපති
- ඔම්බුට්ස්මන්
යන නිලතල වලට පත් කිරීමේ බලය පාර්ලිමේන්තුවේ නිරීක්ෂණවලට යටත්ව ජනාධිපතිවරයා වෙත පැවරේ.
🔴අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැතිගේ උපදෙස් මත සිදු කළ යුතු යැයි දහනවයෙන් ඇතුලත් කර තිබූ වගන්තිය අහෝසි වී අගමැතිවරයා හා මැතිවරුන් තම අභිමතය පරිදි පත් කිරීමට පත්කිරීමට ජනාධිපතිවරයාට බලය හිමි වේ.
🔴යම් අමාත්‍යධුර විෂයක් තමා යටතේ තබා ගැනීමට ජනාධිපතිට බලය හිමි වේ.
🔴මැතිවරණ කොමිසමේ සාමාජික සංඛ්‍යාව පහක් ලෙස සංශෝධනය කර තිබෙන අතර ජනාධිපතිට එම සාමාජිකයින් පත් කිරීමටත් අයෙකු සභාපති ලෙස පත් කිරීමටත් බලය හිමි වේ .
🔴පාර්ලිමේන්තුව පත්වී වසර හතර හමාරක් ගත වෙනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවට වූ දහනම වන වගන්ති සංශෝධනය කර පාර්ලිමේන්තුවට වසර දෙකහමාරක් සම්පූර්ණ වූ පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමි වේ .
🔴ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වීමත්, ස්වාධීන කොමිෂන් සභාවට සාමාජිකයින් පත් කිරීමට තිබූ අයිතිය ද නව නීතිය තුලින් ඉවත් වේ .ඒ වෙනුවට විස්සෙන් පාර්ලිමේන්තු සභාව හඳුන්වා දෙයි.
🔴ද්විත්ව පුරවැසිභාවය ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කිරීමට නුසුදුසු කමක් ලෙස පැවති බාධාව ඉවත් කෙරිණි.
🔺විසිවන සංශෝධනය වෙනස් නොවූ දහනම යේ පැවති කරුණු
🔵 ජනපති ධුර කාලය උපරිම වසර පහ සහ උපරිම වාර ගණන දෙක ලෙස පනවා තිබූ සීමාවන් ,කැබිනට් අමාත්‍ය ධුර ගණන උපරිමය 30 සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර ගණන උපරිම හතළිහක් වශයෙන් පණවා තිබූ සීමාව නව ව්‍යවස්ථාව තුළින් වෙනස් නොවීය.
සම්මත කර කරගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය වන කිසිදු යෝජනාවක් විසිවෙනි සංශෝධනයට ඇතුළත් නොකෙරේ.
🔘මේ ආකාරයට පවතින රජය යටතේ විසි වන වයවස්තා සංශෝධනය රටේ මුලික නිතිය බවට පත්ව ඇත.
3 Comments
👍👍
ReplyDeleteBest article 👌👍
ReplyDelete👌👌
ReplyDelete