ලාංකේය කවියේ ඉතිහාසය කවදා කොතැන බිහි වුයේදැයි නිශ්චිතව කිව නොහැක.ඈත ඉතිහාසයේ පටන් කවිය ගැහැණු පිරිමි දෙපාර්ශවය ම භාවිතා කළ අතර මවක් දරුවෙකු නැලවීමට ද කවි භාවිතා කළාය.
නමුදු සාහිත්‍යය තුල දස රස ඇති මුත් ඉතිහාසය හැදෑරිමේ දී ශුංගාර රසය බොහෝ විට පිරිමින් විසින් භාවිතා කර ඇත.
ඉතිහාසයේ සිව් පදය කෝට්ටේ යුගයෙන් ආරම්භ යැයි සඳහන් වුව ද සීගිරි කැටපත් පවුරෙන් සිව් පද හමුවීම අපට දැකිය හැක.
සීගිරි කැටපත් පවුරේ ද යන්තමට ශුංගාර රසය දැක ගත හැකි වුව ද කෝට්ටේ යුගයේ තොටගමුවේ හිමි ශුංගාරය මැනවින් භාවිතා කළහ.
නමුදු කාන්තාවක් විසින් දහ රසයේ එක් රසයක් වන ශුංගාරය නොබියව ප්‍රයෝජනයට ගෙන කවි නිර්මාණය කළේනම් ඒ ගජමන් නෝනා බව අප දනිමු.
ඇය තම ආත්ම කථනයන් කවිය හරහා එළි දැක්වීමේ දී තම හැඟීම් නොබියව එළි දැක්වු කාන්තාවක් ලෙස සුප්‍රසිද්ධ වේ.
නීතිමය ලෙස ගජමන් නෝනාගේ ස්වාමියා ගාඩියස් ආරච්චි වුව ද ගජමන් නොනාගේ සත්‍ය ප්‍රේමය ජොන් ඩොයිලි ළඟ නතර වු බව අප දනිමු.
ගජමන් නෝනා ස්වාමියාට මෙන්ම ඩොයිලිට ද බොහෝ කවි ලියා ඇත. ඒ සෑම කවකම තම ආත්ම කතනයන් නොබියව ඉදිරිපත් කළ ගජමන් කළ නෝනා ශුංගාර රසය මැනවින් උපයෝගි කොට ගෙන ඇති බව අපට දැකිය හැක.
ඩොයිලි පවා සත්‍ය ලෙස ම ගජමන් නෝනාට පෙම් කළ බවට ඉතිහාස සාදක ඇති අතර කවිය ඔවුන්ගේ ආත්මීය කතනය ද වු බව පෙනෙන කාරණාවකි.
Nirisini Anuruddika ගේ,පහත කවි පෙළ ද දුටු කල, මා සිහියට නඟුනේ ගජමන් නෝනාව ම ය.
හෘද ස්පන්දනය මොහොතකට නැවති.. සියොලගම ගිනි අරන් සිහි සුන්ව හිදිමි.. රැය පුරා සිහිනයක මම නුඹව දකිමි.. ඇස් පියන් නෑරම නුඹ වැලද නිදමී...
මෙහි පෙම්වතිය තම පෙම්වතා හා පෙම් කළ අයුරු සිතින් මවමින් එය රස විදින අතර, එය සිහිවන ඇගේ හෘදස්පන්දනය ද මොහොතකට නවතින බව සඳහන් කරයි.
මුළු සර්වාංගය ම ඒ ප්‍රේමණීය මොහොත සිහි වන විට තම සිහිය පවා නොමැති වන බව පවසන ඇය, ඔහු ළඟ නැතත් සැම රැයක ම සිහිනෙන් ඔහුව පෙනෙන අතර ඇස් පියාගෙන මුළු රැය ම මා ඔබව ප්‍රේමයෙන් වැළඳ ගනිමින් නිදන බව පවසයි.
ගැඹුරු හුස්මක රස්නයට ගුලි වි..
පපුතුරෙහි හිස තබා මම ඔහේ හිදිමි..
පයෝදර අතර මගෙ නුඹේ ඇගිලි මැදි වී..
දෙතොල් කන්පෙති පුරා ඇවිදින මද කිතිය විදිමි..
මෙහි වැදගත්ම කිවිදිය, මෙ කවි පෙළ ගලා යන්නට සලස්වා ඇති අයුරුයි. ඇය තම ප්‍රේමවන්තයාගේ ගැඹුරු හුස්මේ රස්නයට ගුලිවී,පපුතුරට ගුලි වෙමින් පරම ප්‍රේම සුව විදිනාතර,සහජයෙන් ම රාගයට නැඹුරු පිරිමි ලක්ෂණ පෙන්වන තම ප්‍රේමවන්තයා තම ඇඟිලි තුඩු ඇගෙ පයෝදර මත යවනා අතර කන්පෙති හරහා යවන දෙතොල් පහසින් මත්වන හැටි කියා පාමින් තම හැඟීම් කවිය හරහා පිට කරනා අපුරුව සියුම් සහ අති මනරම් වේ.
අනන්තය කොහේදැයි මම සොයා නොයමි..
ජිවිතය විදිය හැකි උපරිමෙන් මං නුබෙන් විදිමි..
මලත් නුබේ පපුතුරේ දුකක් නැ හිමි වි..
නුඹ නිසා මං මියෙන්නට පෙර කලියෙන් දිවංගත උනෙමි...
මෙම සිව් පද කවි පංතියේ සුවිශේෂම කරුණ මෙම කවි පංතියෙ එක් කවියකින් සම්පුර්ණ කතාව පාඨකයාට නොවැටහීමයි.මුල් කවි දෙක කියවු විට මෙය ශුංගාරයම පමණක් ඇති කවි ලෙස පාඨකයාට හැඟී යයි.
නමුදු මැය අවසන් කවිය ඉහත කවි දෙක හා ගැට ගසමින් කියවන්නා හට චිත්‍ර රූප මවනා'තර කවි තුනකින් සම්පුර්ණ කතාවක් කියනා සැටිත් අති මනරම් වේ.
අවසන් කවියේ කරුණා රසය මෙන්ම ශෝක රසය ද අපුර්ව ලෙස ගැබ්ව ඇත.
ඉහත පළමු කවියෙන් ඇය ශුංගාරය ම ඇස් පියන් වසා විදින බව හැඟී යන පාඨකයාට දෙවනි කවි පෙලෙන් එම ශුංගාරය තීව්‍ර වන සැටි අවබෝධ වේ.
නමුදු සියුම්ව තුන්වන කවි පෙළ බැලු කල ශුංගාරයම නොව මෙම ප්‍රේමවන්තයා ඇය ළඟ නිතර නොමැති දුරු කතරක වෙසෙන්නෙකු බව සියුමව නිරීක්ෂනය කළ විට වැටහේ.
ඉහත දෙවන කවියේ තම පෙම්වතා හා ප්‍රේමයෙන් වෙළුනු සැටි පාඨකයාට කියා පාන ඇ, සියලු රාත්‍රීන් හි එම සුවය තනිව විදිනා හැටි කියා පායි.
නමුදු අවසන් පේලිය කියවු විට හැඟී යනුයේ ළඟ නැති පෙම්වතා ගැන සිහින මවනවා මිස ඇය රාගයෙන් මුසපත් වී නොමැති බවයි.
ඇය අනන්තය නොසොයයි. ඇය ජීවිතය උපරිමයන් විදිනුයේ තම පෙම්වතාගෙ පපු තුරුලේ ය. ඇය එය අවසන් කවි පංතියේ තුන්වන පෙලියට යා කොට පෙම්වතාගේ පපු තුරේ මලත් කම් නැති බව පවසයි.
කවියෙකුට සියුම් රන් වැඩකරුවෙකු සේ මෙසේ කවි නිමවිය හැකි ද ?
කවි දෙකක පද දෙකක් එකිනෙක යාකොට ප්‍රේමය, ශුංගාරය සහ ශෝක රසය උපදවා එකම හුයකින් බැඳ දමන හැටි මා විශ්මයට පත් කළා ය.
නුඹ නිසා මං මියෙන්නට පෙර දිවංගත උනෙමි...
මෙය පද පේලියෙන් ඉහත කවි පංතියම බැද තබා ඇති අපුර්වත්වය බලන්න.
පෙම් යුවලක් හෝ ගා රැල්ල නැගෙන මුහුදක් අසල තානායමක සයනය මත සිටිනා යුරු, සිතින් මවා ගන්න.මොහොතකින් වෙන්වන පෙම්වතාගෙ පපුතුරේ ගිලීමට තැත් දරන පෙමිවතියක චිත්ත රෑප අපට නොපෙනේ ද ?
මොහොතකින් දුර ඈතට යන පෙම්වතාගෙන් අකමැත්තෙන් වුව වෙන් විය යුතුම නිසා තාවකාලිකව ඈත් වන ඇය තම පෙම්වතා වෙනුවෙන් සියලු රාත්‍රීන් කැප කරන සැටිත්, ඒ මතකයන් සිහි කරමින් සුසුම්ලන සැටිත් මනරම්ව ගෙතූ ගෙත්තමක් සේ සියුම් කැටයමක් සේ කිවිදිය ගෙනහැර පෑ අන්දම අපුර්වත ම නොවේද?
ගජමන් නෝනා තම ආත්මීය කතාවන් කවිය හරහා ගෙනහැර පෑවේ කෙසේද, මැය ද කවිය හරහා තම ප්‍රේමණීය හැඟුම් කවියෙන් ගෙන හැර පෑම අපුර්වත ම නොවේ ද?
එසේනම් ඇය වතුමන් ගජමන් නෝනො නොවේයැයි කෙසේ කාට කිව හැකි ද?
මෙම කවි පංතිය කියවන බාහිර සමාජයට මෙසේ දැනෙයිනම් ඇය හා ප්‍රේමයෙන් වෙළුණු ඇලපාත මුදලිට කෙසේනම් දැනෙනු ඇති ද?
ඔවුන්ගේ ප්‍රේමය, මනරංජිත උත්කෘෂ්ඨය පිරි ඉතිරි යන නොසෙල්වෙන ප්‍රේමයක් බව පසක් වීමට මේ මතකයන් හැර වෙනත් දෑ අවැසි වේවි ද .....
12 Comments
Good 👍❤️
ReplyDelete👉💜️💜️
ReplyDeleteEla ❤️
ReplyDelete👌👍👍
ReplyDeleteGreat❤️
ReplyDelete😋👍👍
ReplyDeleteVeleuble
ReplyDeleteවැදගත්
ReplyDeleteGrt👍
ReplyDelete👍👍
ReplyDeleteNiyamai
ReplyDeleteSuper
ReplyDelete