කල්පිටිය අර්ධද්වීපයට යන විට දූපත් සමුදායක් ඇත .එහි සමහර දූපත් දියවී ගොස් ඇත. සමහර දූපත් වැවෙන අතර මෙහිදී වැවෙනවා යන්නෙන් අදහස් වන්නේ දිය වෙච්ච ඒ කියන්නේ මුහුදු ඛාදනයට ලක්වූ දූපත්වල වැලි ගෙනල්ලා වවනවා .එය මහ සයුරේ ස්වභාවයයි.
බත්තලං ගුණ්ඩුව ලංකාවේ තිබ්බෙන ලස්සනම වෙරළ තීරයෙ කින් යුත් දූපතකි . බත්තලංගුණ්ඩුව දූපතේ වපසරිය හෙක්ටයාර 145 .53 කි.කල්පිටිය අර්ධද්වීපයේ කෙළවරෙහි පිහිටා ඇති මෙහි ගම් හතරක් ඇත.ඉන් එකකි බත්තලංගුන්ඩුව
කල්පිටිය ජැටියේ සිට නාවික සැතපුම් විසිපහක් දුරින් බත්තලංගුන්ඩුව දූපත පිහිටා ඇති අතර කල්පිටිය ජැටියේ සිට බත්තලන්ගුන්ඩුව දූපත කරා ළඟාවීමට ළඟා වීමට පැය තුනක් හතරක් ගත වේ.බත්තලංගුණ්ඩුවේ සිට කල්පිටියට තිබෙන එකම ප්‍රවාහන මාධ්‍ය බෝට්ටුව. මුල්ම බෝට්ටුව පිටත් පිටත්වන්නේ උදේ 8:30 ට ය.බත්තලංගුණ්ඩුවට යාමට ඒමට රුපියල් 700 ක ගාස්තුවක් අය කරනු ලබයි.අවශ්‍යයනම් ස්පීඩ් බෝට්ටුවල අත්දැකීම ද විඳ ගන්නට හැකියාව ඇත.
සොබාදහමේ අපූර්වතම නිමැවුමක් ලෙස හැඳින්විය හැකි මෙම දුපත කල්පිටිය යෝජිත සංචාරක ව්‍යාපෘතියේ සුවිශේෂී සාධකයකි.සොඳුරු දසුනින් පිරිපුන් මෙම දූපත සංචාරක ආකර්ෂණය බෙහෙවින් තුඩු දී ඇත.ඒ අසලම පවතින්නේ විල්පත්තු වයි.විශේෂයෙන්ම මුහුදු පරිසරයට ආවේණික ගස් කොළන්, සතුන්, ලිහිණි වර්ග, විශේෂ බෙල්ලන් වර්ග දක්නට ඇත .ඩොල්ෆින් රංචු දැක ගැනීමට හැකියාව ඇත.ගමනේ අවසානය තෙක් දකුණු පසින්කුවේණි කන්ද දිගටම පෙනේ.වැල්ල දූපත kite surfing ක්‍රීඩාව සදහා ප්‍රසිද්ධිය උසුලයි. සොබාදහම විද ගැනීමට හැකි මුහුදෙන් වට වූ සොඳුරු කොදෙව්වක් ලෙස මෙම දූපත හැඳින්විය හැක.
පරිසරය කෙතරම් සොඳුරු වුණත් එහි මිනිසුන්ගේ ජීවිතය කටුකය .මෙකී අතිශය සුන්දර පරිසරය තුළ අවිනිශ්චිත අනාගතයක් දෝතින් දරා ගෙන ගරා වැටෙන ධීවර දිවිපැවැත්මක් දායාද කොටගත් ධීවර ප්‍රජාවක් මෙම දූපතේ දිවි ගෙවන්නෝ ය.තුන් දාහට අධික ප්‍රජාවක් දිවි ගෙවන මෙම දූපතේ වැඩි වශයෙන් දෙමළ සහ කතෝලික ප්‍රජාව ප්‍රමුඛ වේ.දැනට වියපත් වියපත් ව පසුවන බොහෝ ධීවරයින්ට නිශ්චිත නමක් පෙළපතක් හෝ උප්පැන්න සහතිකයක් නොමැත්තේය .දුප්පත් වැසි ජනතාවගේ කරවල වාඩිය සමග ගෙවෙන ඔවුන්ගේ අභිමානවත් ධීවර පෙවෙතට මේ වන විට බලවත් අභියෝග පැමිණෙමින් තිබේ. වත්මන් ආර්ථිකය සමාජීය පසුබිම මොවුන් පිට පටවා ඇත්තේ දැරිය නොහැකි පීඩනයකි. ස්වභාව ධර්මය පවා මෙම මිනිසුන් දැන් දැන් දූපතින් පළවා හැරීමේ කුමන්ත්‍රණ නිරන්තර නිරතව සිදුවේ. ඉන්ධන මිල ඉහළ යාම ධීවර රැකියාව පැරදෙන සූදුවක් බවට පත්වෙමින් සිදුවීම නිසා අපහසුතාවයට පත්ව ඇත. අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති මුහුදු ඛාදනය ද අකාරුණික ලෙස මොවුන් දූපතින් පළවා හරිමින් සිටියි.
ගැබිනි කාන්තාවන් හා නිදන්ගත රෝගීන් දූපතේ රඳවා ගැනීම තහනම් වන අතර හදිසි අනතුරකදී හෝ අසනීපයකදී අතීතයේ දී පැය තුනහමාරකට එහා කාලයක් ගියත් දැන් නම් නාවික හමුදාවේ ජෙට් බෝට්ටු විනාඩි විස්සකින් ගොඩ බිමට ළඟාවිය හැක.
1979 වසරේ දී එහි රජයේ පාසලක් ආරම්භ කර ඇති අතර එය පොලිස් මුරපොළක් තිබෙන නමුත් වර්තමානය වන විට පාසලක් දක්නට නොමැත. සිසුන් ද නැත.ධීවර පවුල් තුන්දාහකට පමණ සෙවණ සැපයූ බත්තලංගුණ්ඩුව අද වන විට පවුල් සීයක් සීයකට පමණක් සීමා වීම ශෝක දායි කරුණකි.
ජීවිතේට ලැබෙන වෙනස්ම අත්දැකීමක් මෙන්ම එම ස්ථානය රැක ගැනීමට හානියක් නොකිරීමට ද සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ලෙස රටට ආදරේ කරමින් සංචාරය කළ යුතුය
8 Comments
wow... Beautiful place in sri lanka... ❤️
ReplyDeleteNiyamai ✊
ReplyDeleteMaru
ReplyDeleteWow
ReplyDeleteNiyamai 👍❤️
ReplyDelete💛💛
ReplyDeleteයන්නම හිතුනා💛
ReplyDeleteNice ❤
ReplyDelete