චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයින් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
ලාබ රත්තරං දිලිසෙන පාළු වීදියේ
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ
මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරවි ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතකනම් තාමත් ගේ ළඟයි දුවේ
රත්න ශ්රී විජේසිංහ මහතා අතින් ලියවුණු මේ ගීතය ආචාර්ය රෝහණ වීරසිංහ මහතාගේ සංගීතයෙන් රසවත් වෙනවා.
ගාල්ල ප්රදේශයේ නිවසක සිදු වූ පියෙකුගේ වියෝවක අද්දැකීමකි මෙතුළින් නිර්මාණය වෙන්නෙ.එහි සිටින්නේ පියා සහ දියණිය පමණි.මවගේ සෙනෙහස ඇයට අහිමි වූ වූවකි.පියාට මේ ලෝකෙ වටිනාම කෙනා වන්නේ දියණියයි .මේ ලෝකෙ දුවට පුතාට වැඩියෙන්ම ආදරය කරන්නේ මව සහ පියා. පුංචි කාලේ අපට හිටිය එකම වීරයා වන්නේ පියා ය. නමුත් කාලයාගේ ඇවෑමෙන් දියණියට වයස අවුරුදු දාසය දාහත යනවිට වීරයා වෙනස් වෙයි . පියා දන්නේ දන්නෙ මෙච්චරයි ද කියලා දියණියට හැගෙන්නට පටන් ගනියි. වීරයා වෙනත් කෙනකි.මෙය සංවේදී සිද්ධියකි චන්ද්ර මන්ඩලෙ හෙවත් සද මඩළ තුළ හාවෙක් සිටියි.ඒ මේ දියණිය යන්නයි . නමුත් පියා තමන් වෙනුවෙන් කළ හැම දේම අමතක කර මේ පුංචි සාවියේ නොකියාම යන්න යනවා. පුංචි සාවියේ හැංගී යයි. මෙච්චර මවත් නොමැතිව ජීවිතය කැප කරපු තාත්තාට මොන තරම් වේදනාවක් ඇද්ද.. ලයින් කාමරේ පාලුයි.. ගෙදර පහණ වෙන්නේ දියණියයි. ඒ පහන නිවී ගොස් ඇත. විශේෂයෙන්ම මව සිටියත් ඒ පහන නිවී ගිය විට කෙතරම් දුකක් පියාට ඇද්ද?
"චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයින් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ"
රත්තරන් ලාභ නැත .නමුත් ලාබ රත්තරන් ඇත.. ඒ ඉමිටේෂන් වැනි දෑය.. පියාට තනිකම උහුලා ගත හැක. ඒ තරමටම දරුවන්ට ආදරෙයි .නමුත් දියණිය නොකියාම යන්නට ගිය නිසා එය උහුලා ගත නොහැක .පියාගේ සහ දුවගේ බැඳීම ගහට පොත්ත සේ බඳුය. මුතු මාල හතක් නැතත් හොඳින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් සමග ගියානම් තාත්තාට මේ තරම් දුකක් නැත. නමුත් සෙයිලමේ ඔයිට කලින් ගියපු අය නිසා ඒ අය දුක් විඳින ආකාරය නිසා පියාට නොහැකි වේදනාවක් උපදී.
"ලාබ රත්තරං දිලිසෙන පාළු වීදියේ
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ"
ප්රියයන්ගෙන් වෙන්වීම, ඔවුන්ට කරදරයක් වූ විට දුකකි .මාල ගිරව් ටික සුදු යකඩ දාගෙන දඟලපු දැගලිල්ලට පියාට සිතුණේ නැහැ තමන් කැතකුණු අතගාලා හදපු තම දියණිය මෙලෙස දාලා යයි කියලා. නමුත් පියා කවදාවත් දියණියට වෛර කරන්නේ නැහැ .ඔහු පරමාදර්ශී චරිතයක්. පාර මතක නම් තාමත් ගේ ලඟයි දුවේ කියන්නේ ආයෙත් කවදහරි හරි මග වැරදුනොත් එදාටත් මම හිටියොත් එදාට තාත්තා නැති වුණත් නිවස ඇය වෙනුවෙන් විවෘතව ඇති බව පසක් කරමිනි.
"මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරවි ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතකනම් තාමත් ගේ ළඟයි දුවේ"
අද සමහරවිට සමහර දුවලට අමතක වේගෙන යන හෝ අමතක වෙච්ච කාරණාවක් වෙන්න පුලුවන්. නමුත් ගැහැණු ළමයි තේරුම් ගන්න, දෙමාපියන් ඇරුනාම අනිත් හැමකෙනාම ඔයා ලගට එන්නෙ ඔයාලගෙ තියෙන වටිනාකම් වලට. එහෙම නැතිව ඉන්නෙ දෙමාපියන් විතරයි. ඒක හරියට තේරුම් අරගෙන හොඳින් ජිවිතය ගෙනියන්න.
shavi..✍️
17 Comments
Good👍❤
ReplyDelete💛🤘👌
ReplyDeleteSuper...👌
ReplyDelete👍👍😍
ReplyDelete👌👌👌
ReplyDelete❤️✌️
ReplyDelete👍❤️
ReplyDeleteEla 👍
ReplyDeleteLssni
ReplyDeleteLassanai
ReplyDeletePerfect ❤
ReplyDeleteSuperrrrrr😘😘😘
ReplyDeleteHema kollek genama ekama widihata hithanna epa.adala kena gena e e widihata hithanna.🤗🤗
ReplyDeleteLassanai 👍👍
ReplyDelete❤️❤️
ReplyDeleteNiyamai
ReplyDelete👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ReplyDelete