1946 පෙබරවාරි 13 වන දින එක්සත්  ජාතීන්ගේ සංවිධානයේ විසින් ගුවන් විදුලියක් සේ සේවය ආරම්භ කිරීම නිමිත්තෙන්  පෙබරවාරි 13 වන දින ලෝක ගුවන් විදුවිදුලි දිනය ලෙස නම් කර ඇත

මෙවර තේමාව වන්නේ “අලුත් ලොවක් සහ අලුත් ගුවන් විදුලියක් යන්නයි.

ඊට හේතුව  වන්නේ මෙම කාල වකවානුව තුළ ලෝකයා මානසිකව කායිකව දුර්වල වී ඇත එයින් මිදී ලෝකයා එකාවන්ව නැගී සිටිය  බව අවධාරණය කිරීම මෙවර තේමාව බවට පත්වී ඇති බව පෙනේ. 

 මීට වසර ගණනාවක සිට ගුවන්විදුලිය අපගේ සිත්සතන් නිමවමින් විනෝදය අධ්‍යාපනය සහ ජීවිත සුරක්ෂා කිරීම සඳහා තොරතුරු ලබා දෙමින් නිහඩ සේවයක් ඉටු කරන ලදී. යුනෙස්කෝ ආයතනයේ සඳහන් කරන ආකාරයට ගුවන් විදුලිය හඳුන්වන්නේ ලාභදායී මාධ්‍යයක් මෙන්ම ආකර්ෂණීය මාධ්‍යයක් ලෙසයි. ලෝවට ගුවන් විද්විදුලි මධ්‍යස්ථාන 44000 වඩා පවතී. සංවර්ධනය වෙමින් පවතින රටවල නිවාස වල සියයට 75ක් ගුවන්විදුලි යන්ත්‍ර තිබේ මෙයින් පැහැදිලි වන ලෙස ලොව කවර තැනක සිටින ශ්‍රාවකයකුට වුව ද ග්‍රහණයට නතු කර ගත හැකි මාධ්‍යයක් බවට ගුවන්විදුලිය පත් වී තිබේ.

මුල් කාලීනව  රේඩියෝ සිලෝන් ලෙස හැදින් වු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දකුණු ආසියාවේ ඇති පැරණිතම ගුවන් විදුලි ආයතනය වේ.මෙරට දී ලෝක ගුවන් විදුලි දිනය ප්‍රථම වතාවට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් 2016 පෙබරවාරි 13 වන දින පස්වරුවේ කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණා.ඉතාලි ජාතික ගුග්ලිඑල්මෝ මාර්කෝනි (Guglielmo Marconi) 1890 දී ගුවන්විදුලි යන්ත්‍රය නිර්මාණය කළා.රැහැන් රහිත විදුලි සංදේශ ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1909 වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය හිමිකරගත්තේ ඔහුයි.ලොව පළමු ගුවන් විදුලිය බී.බී.සී. වන අතර දකුණු ආසියාවේ පලමු ගුවන් විදුලිය ලෙස ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි විකාශයක් ආරම්භ කෙරුණා.පළමුව වැඩි වශයෙන් පටිගත් වැඩසටහන් ප්‍රචාරය වූ එම විකාශයෙහි ක්‍රමයෙන් සජීව වැඩසටහන් විකාශය වූවා.1920 දශකයේ සිට ගුවන්විදුලිය මෙරට ජන හදවත් වලට සමීප වූයේ රසාස්වාදය මෙන්ම දැනුම ද සපයමින්.මේ වන විට ශ්‍රි ලංකාවේ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ගුවන්විදුලි සේවා 50කට අධිකයි..

ඒ අනුව බාධක හමුවේ නැගී සිටීමට වෙර දරන පරපුරක් ලෙස අපි ලෝක ගුවන් විදුලි දිනය  මෙවර සමරමු.