අප රටේ පමණක් නොව ලෝකයේම මේ වන විට කොවීඩ් වසංගතය ගොදුරු කර ගනිමින් පවතිනවා. මේ සදහා ලෝක බලවතුන්, සෞඛ්‍ය සංවිධාන හා රජය නොයෙකුත් පියවරයන් ගනිමින් පවතිනවා අප හැම දෙනාගේම ආරක්ෂාව සදහා. මේ අවස්තාවේ අපට කල හැකි හොදම දේ නම් නිවසටම වී සිටීම වුවද, යම් යම් අවස්තා වලදී අපට නිවසින් බැහැරව යාමට සිදුවෙනවා. ඒ අවස්ථා වලදී අප අනිවාරයෙන්ම කල යුතු දෙයක් වන්නේ මුඛ ආවරණයක් පැළදීමයි. මේ ලිපියෙන් අද අපි ගෙන එන්නට හිතුවා මුඛ ආවරණයක් කොහොම හරියට පළදින්නේ කියලා ඔයාලව දැනුවත් කරන්න. එපමණක් නෙමෙයි, කොහොමද සුදුසු මුඛ ආවරණයක් තෝරා ගන්නේ කියලත්, භාවිතයෙන් පසු මුඛ ආවරණ පිරිසිදු කරන්නේ කොහොමද කියලත් මේ ලිපියෙන් ඔබට දැනගන්න පුලුවන්.

හොද මුඛ ආවරණයක් තෝරාගන්නේ කොහොමද?

මේ වන විට වෙළදපලේ විවිධ මාදිලියේ මුඛ ආවරණ දක්නට තිබෙනවා. නමුත් මේ සියල්ලම භාවිතයට සුදුසුද කියන එක අපි හැමෝටම ගැටලුවක්. ඔබ භාවිතා කරන මුඛ ආවරණය ඇත්තටම සුදුසුද කියලා දැනගන්න කුඩා ක්‍රියාකාරකමක් තියෙනවා.

ඔබගේ මුඛ ආවරණය පැළද සිටින විටදී, ආලෝකවත් ඉටිපන්දමක් පිබලා නිමන්නට උත්සහ කරන්න. ඉටිපන්දම නිවී ගියොත් එම මුඛ ආවරණය භාවිතයට සුදුසු මුඛ ආවරණයක් නොවන්නට වැඩි ඉඩක් තියෙනවා.

මීට අමතරව භාවිතයට සුදුසුම මුඛ ආවරණ ලෙස, N95 මුඛ ආවරණ හා surgical mask විවිධ සෞඛ්‍ය සංවිධාන නම් කර තියෙනවා. මේ වගුවේ සදහන් වෙනවා භාවිතයට සුදුසු හා නොසුදුසු මුඛ ආවරණ පිළිබද විස්තර.

Best and worst face mask

නිවැරදිව Surgical Mask එකක් භාවිතා කරන්නේ කොහොමද?

                                                              How to wear a mask properly11 - The Pinkish Blog



මුඛ ආවරණය ඇල්ලීමට පෙර හොදින් සබන් දා දෑත් පිරිසිදු කරන්න

How to wear a mask properly2 - The Pinkish Blog

මුඛ ආවරණය පලුදු වී ඇත් දැයි හොදින් පරීක්ෂා කර බලන්න

මුඛ ආවරණයේ සවිමත් කොටස තිබෙන පැත්ත හදුනා ගන්න


මුඛ ආවරණයේ සුදු පෙදෙස මුඛය ඇති පැත්තට සිටින ආකාරයටත් තබා ගන්න

How to wear a mask properly5 - The Pinkish Blog

මුඛ ආවරණයේ ඇති ඇලුමිනියම් කොටස නාසයට ඉහලින් පිහිටන සේ තබන්න

How to wear a mask properly6 - The Pinkish Blog

නාසය, කට හා නිකට හොදින් ආවරණය වන පරිදි මුඛ ආවරණය පළදින්න

How to wear a mask properly7 - The Pinkish Blog

මුඛය හා නාසය හොදින් ආවරණය වන පරිදි මුඛ ආවරණය සකස් කරගන්න

How to wear a mask properly7 - The Pinkish Blog

මුඛ ආවරණය ඇල්ලීමෙන් වලකින්න

How to wear a mask properly8 - The Pinkish Blog

මුඛ ආවරණය ගැලවීමේදී කන් පිටුපසින් පමණක් අල්ලා ගලවන්න

How to wear a mask properly9 - The Pinkish Blog
මුඛ ආවරණය ගැලවීමෙන් පසු ඔබගේ මුඛ ප්‍රදේශයෙන් ඉවත් කරන්න

How to wear a mask properly10 - The Pinkish Blog

ඉක්මනින්ම මුඛ ආවරණය නිවසින් බැහැර බින් එකකට දමන්න

How to wear a mask properly11 - The Pinkish Blog

අත් දෙන හොදින් සබං දා හෝදන්න

Surgical Mask එකක් පැළදිමේදී නොකල යුතු දෑ

 

How to wear a mask properly12 - The Pinkish Blog

භාවිතා කරන ලද මුඛ ආවරණයක් විවිධ ස්ථාන වල දැමීමෙන් වළකින්න

How to wear a mask properly13 - The Pinkish Blog

කට පමණක් ආවරණය වන පරිදින් මුඛ ආවරණය පළදින්න එපා

How to wear a mask properly17 - The Pinkish Blog

මුඛ ආවරණය මුහුනට ලිහිල්ව පවතින ලෙස පළදින්න එපා

How to wear a mask properly18 - The Pinkish Blog

මුඛ ආවරණයේ ඉදිරි කොටස ඇල්ලීමෙන් වලකින්න

How to wear a mask properly14 - The Pinkish Blog

අන් අය සමග කතා කිරීමට මුඛ ආවරණය ගැලවීමෙන් වලකින්න

How to wear a mask properly15 - The Pinkish Blog

ඔබගේ මුඛ ආවරණය අනිත් අයගෙන්ද ඈත් කර තබන්න

How to wear a mask properly16 - The Pinkish Blog

මුඛ ආවරණය නැවත භාවිතා කිරීමෙන් වලකින්න



 මුඛ ආවරණය ඔබගේ සිනහව වසන් කළත්, වක්‍රව ඔබට සෞඛ්‍යාරක්ෂාව සලසමින් සිනහව කැන්දන බව ඔබ දැනසිටියාද?... මුඛ ආවරණ දැන පැළද අප රැකෙමින් සැම සුරකිමු..